Pages

Monday, April 1, 2013

අසරණ ජීවිතයකට ශක්තියක් වෙමු

මීට මාස කිහිපයකට කලින් අපේ බ්ලොග් ලෝකයේ හිටිය, අන්තිම පේළියේඅපි හැමෝටම තාත්තා කෙනෙක් වගේ හිටිය ඔබා මාමා අපි අතරින් වෙන් වුනා ඔහු වෙනුවෙන් බ්ලොග් අවකාශයෙන් මෙන්ම අන්තිම පේළියෙනුත් පිංකම් රාශියක් සිදු කළා. ඔහු සමුගෙන වසරක් සපිරෙන්න මාසයක කාලයක් පමණ තියෙද්දි අන්තිම පේළියේ අපි තීරණය කළා ඔබා මාමාට පින් පිණිස ලේ දන්දීමක් සිදු කරන්න.






දිනය       - බක් මාසේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ 28 වන දා 

ස්ථානය    - වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වේලාව     - උදේ 9 ඉඳන් හවස 3 වෙනකල්






Monday, April 16, 2012

මතක සුවඳ



පාසල් නිම වී ගෙදරට එනතුරු
ගෙපිළේ හිඳගෙන
දෙනෙත අයාගෙන
පාරට එබෙමින්
බලා හිඳි මගේ අප්පච්චි....

මගෙ ජීවන ගමනේ
පුන් සඳ මෙන් එළිය දෙමින්
පසු පස සෙවනැල්ලක් මෙන්
නුඹ හිටියා අප්පච්චි

ගෙපිළම අද පාළු වෙලා
ගෙය ඇතුළත් පාළු වෙලා
සුවඳවත් මතකයන් තබා
මුළු ගෙදරම පාළු කරලා

නුඹ යන්න ගිහින් අප්පච්චි..........

Tuesday, December 20, 2011

තැන්ක් යූ පාටි

ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....


එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න 






ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම  කේක් දෙකක්ම ගෙනාවා...


අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී. ඊයෙ රෑ 12.00ට හරියටම මට විශ් කරපු කවිඳූ අයියටත්  , අපේ අක්කිටත් , උදේ පාන්දරම කතා කරපු ලොකු අයියා ,  ආසිරි අයියා , ගයාන් අයියා මට මූනු පොතෙන් ,  Twitter එකෙන් ව්ශ් කරපු හැමෝටම ඉස්තූතියි.










ප/ලි : රණ්ඩු කර ගන්නේ නැතුව කන්න හොඳේ

Monday, December 12, 2011

හැපි බර්ත් ඩේ තාත්තේ







දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

:'(  මේ යුතුකම මටවත් නංගිටවත් කරන්න බැරි උනා තාත්තේ ඒ ඔයා අපිව දාලා යනකොට අපි දෙන්නාම පාසල් යනවා වීම. ඒත් අද ඔයාගෙ 60 වෙනි උපන්දිනේ ඔයා අපිත් එක්ක හිටියා නම් අද දවසේ අපි දෙන්නා මොනාද තාත්තේ ඔයාට නොකරන්නේ .

මතකද තාත්තේ ඔයාගෙ අන්තිම බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරපු හැටි මමයි නංගියි ගානේ කරපු පළවෙනි සහ අන්තිම බර්ත් ඩේ එක ඒක වෙයි කියලා කවදාවත් අපිට හිතුනේ නෑ තාත්තේ. එදා ඔයාගෙ බර්ත් ඩේ එකට දවස් දෙකකට කලින් සීයා තාත්තා බලන්න ගිය වෙලාවෙ එයා අපි දෙන්නාට අළුත් අවුරුද්දට ඇඳුම් ගන්න දුන්න සල්ලි වලින් අපි දෙන්නා ඔයාට ෂර්ට් එකකුයි චූටි පාටි එකකුයි ලෑස්ති කළා. එදා අපි දෙන්නා දීපු බර්ත් ඩේ කාඩ් එක ඊයෙ අහම්බෙන් මට පොතක් ඇතුලේ තිබිලා හම්බ උනා. ඒක අවුරුදු 5ක් ඈතට මගේ මතකය අරන් ගියා තාත්තේ . මම දන්නවා ඔයා කොහේ හරි  ඉඳගෙන මේ පෝස්ට් එක බලන් ඉන්නවා කියලා. මෙතනින් එහාට මට කිසි දෙයක් ලිය වෙන්නේ නෑ මගේ කීබෝඩ් එක බොඳ වෙලා යනවා අන්තිමට මම කියන්නේ මම මානසිකව වැටෙන හැම වෙලාවකදිම මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ හැමෝටම පින් ඒ වගේම ගොඩාක් ස්තූතියි


තාත්තේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!








Monday, December 5, 2011

අහිමි ඔබ




ඔබ මිරිඟුවක් 
ඒත් එය හිත පිළිනොගනී
ඔබේ හිමිකාරිය මම නෙමෙයිලු
ඒත් හිත එය පිළිනොගනි 
අහිමි බව දැන දැනත් 
මා පෙම් කරමි ඔබට හැමදාමත් :(

ප.ලි : මේක කවිද නිසදැස්ද කියලා මම නොදනී

Tuesday, November 8, 2011

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්

තමන්ට ආදරේ කරන කෙනාව තේරුම් නොගෙන පස්සේ පසුතැවිලා වැඩක් නෑ කොල්ලනේ.......



ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........♥
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥

තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥



ගායනය :තීක්ෂන අනුරාධ 

සින්දුව ඩවුන්ලෝඩ් කර ගන්න මෙතනට  යන්න
 

Thursday, November 3, 2011

දේදුන්නේ සත් පාට හංඟලා........






හැමදාම එක එක විකාර කියලා පෝස්ට් එකක් දානවනේ ඒ නිසා අද මම ලස්සන සින්දුවක් අරන් ආවා ගෑනු ළමයෙක් එයාගෙ පෙම්වතාට ආදරේ කරන්නේ කොහොමද කියන එක තමා මේ සින්දුවෙන් කියවෙන්නේ
 

දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි..
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්..

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්.....
ගායනය : නිරෝෂා විරාජිනී
ඩවුන් ලෝඩ් කර ගන්න ඕන නම්මෙතනට යන්න
 ප/ලි : මගේ බ්ලොග් බබාගෙ ඇඳුම වෙනස් කළා හොඳද කියලත් කියන්නකො

Thursday, October 13, 2011

මේඛලා - 3

හප්පා මාස ගානකින් ඔන්න කතාව ලියන්න ගත්තා කටුවට කෝලෙක ලියලා තිව්නට ටයිප් කරන්න කම්මැලිකමේ හිටිය මෙන්න කලින් කොටස් දෙක කතාව අමතක අයයි පළවෙනි වටාවට බලන අයයි මේකට ගිහින් බලලා එන්නකො
මේඛලා - 2


" කවුද මේඛලා කියන්නේ?"


" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"


"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"


"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"


**************************************************************************************


"ඒ මචන් අසංග උඹලාගෙ අර එහා පැත්තේ ගෙදර ඉන්න කෙල්ල නම් මාර ලස්සනයි බන්"


"කා ගැන ද බන් උඹ කිව්වේ"


"අර අපේ කොමර්ස් පන්තියෙ ඉන්නේ බන් උඹ බබා උඹලාගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර ඉන්න කෙල්ල ගැන උඹ දන්නේ නෑ"


" අපෝ අර ආඩම්බරකාර පන්ඩිත කෙල්ල මේඛලාද මකලද මොකක්ද එකීද"


"ඒ ඒ ඉතින් කැත සීන් එපා බන් ඒකි උඹට වැටෙන්නෙ නෑ කියලා නිකන් ඒකිට කතා හදන්න එපා බන්"


" හරි සඳරු පුතේ උඹට දැන් මොකක්ද වෙන්න ඕනි කියපන්"


'නෑ මේකයි මචන් එදා මම උඹලාගෙ ගෙදර ආපු වෙලේ දැක්කා ඒකිව මාර ලස්සනක් බන් තියෙන්නේ උදව්වක් දියන්කො බන් "




" අපෝ ජනාධිපතිගෙ දුව එක්ක යාළු වෙන්න උනත් උඹට සප් එක දෙන්නම් හැබැයි අර යක්ෂ අම්මන්ඩිගෙ දුව එක්ක යාළු වෙන්න නම් නෝ සප් මගෙන්.ඕක මාට්ටු උනොත් එහෙම ගෑනි එයි මෝල්ගහ උස්සන් මගෙ පස්සෙන් අන්තිමට මම ගෙදර වසලා හමාරයි හා කියපන් බලන්න අපේ අම්මා මාව ගෙදරින් එලෙව්වොත් උඹ මාව උඹලාගෙ ගෙදර තියාගන්නවදා නෑනේ, ඉතින් බන් මම මොකටද නිකන් ඉල්ලන් ටින්කිරි කන්නේ "



"හරි හරි උඹට බෑනේ මම තනියම ඒක ගොඩ දාගන්නම් අනික උඹ වගේ හිපාටුවෙක් හවුල් උනාම හරියන වැඩෙත් හරියන්නෙ නෑ. අන්න ටොක්කා එනවා මචන්" එහෙම කියලා අසංගයාගෙ බඩටත් පාරක් ගහගෙන ගිහින් පන්තියෙන් වාඩි උනේ අපේ බයෝ සර් ඈතින් එනවා දැක්ක නිසා.



සඳරු නැඟිටිනවා මොනාද තමුසෙ ඔච්චර කල්පනා කරන්නේ ම්ම්ම්ම්


"නෑ නෑ මේ සර්"


"නෑ නෑ මේ මේ ඔහොමම හිටගෙන ඉන්නවා උගන්නන වෙලාවල් වලට සිහින් ලෝක වල් ඉන්නවා මෙතන"


"හරිනෙ දැන් හිටගෙන ඉදපන් පීරියඩ් එකක්ම අර මකලාගේ සිහියෙන් හිටියා නම්"


"උඹ කට වහගෙන ඉඳපන් මම ආයෙ බොට කියන්නේ නෑ හරිද අසංග"


ඒ එක පීරියඩ් එක මට නිකන් මුළු දවසක් වගේ බෙල් එක ගැහුවට පස්සේ ටොක්කත් පන්තියෙන් ගියා හිටගෙන හිටිය පීරියඩ් එකේම ම්අම කල්පනා කලේ පස්ස ගහන්නෙ නැතිව


"මචං අසංග මම තීරණය කලා බන් මේඛලාට මගේ හිතේ තියෙන අදහස කියන්න්" කැන්ටිමට යන ගමන් මම අසංගයාට ඒක කිව්වම උගේ ඇස් දෙක නළලට ගියා.


"බොට පිස්සුද බන් "


"ඇයි ආදරේ කරන එක වරදක් බන් හා කියපන් උඹ ඉතින් සියලු මහප්‍රාණ දන්න එකානේ"


" හරි හරි ඒක ඇත්ත් ඒත් මොකො බන් හිටි ගමන් මේ ගහෙන් ගෙඩි එන්න වගේ"


"උඹට වැඩක් නෑනේ ඒ පන්ඩිතකම් උඹ මාත් එක්ක එනවද නැද්ද කියපන්"


"උඹලා වගේ එවුන්ට තමයි අපාය සහායක මිත්‍රයෝ කියන්නේ හරි හරි යමන් ඉතින් උඹ අහපන් මට නම් බෑ අහන්න"


" හරි හරි මම අහන්නම් උඹ නෙමෙයිනේ ඒකිට ලව් කරන්නේ මමනේ"


"අන්න එනවා උඹේ ප්‍රියම්භිකාව දැන් පලයන් ගිහින් අහපන්"


"සඳුනි පොඩ්ඩක් එනවද"


"ඇයි සඳරු"


"මේ මට ඔයාගෙ යාළුවා මේඛලාට පොඩ්ඩක් කතා කරන්න ඕනි"


"මේඛලාට ම්ම්ම්ම් මම එයාගෙන් අහලා බලන්නම්"


"අනේ ලොකු උදව්වක් සඳුනි"


"හා හා බට් ශුවර් කරන්න එපා හරිද"


"යෙස් දාපන් 5ක් වැඩේ හරිගියොත් ගොඩ මචං"


"ඒ මචං අන්න සඳුනි එනවා"


"ආ සඳුනි මොකෝ සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද"


"සුභයි සුභයි අන්න කතා කරමු කිව්වා හැබැයි විනාඩි 5යි දෙන්නෙ කිව්වා"


"හා හා තැන්ක්ස් කෙල්ලේ" එහෙම කියාගෙන මම හිමීට මේඛලා ඉන්න පැත්තට ගියා


"මේඛලා ඉතින් කොහොමද "


"හොඳයි සඳරු ඔයාට"


"හ්ම්ම්ම්ම්ම් මම නම් ඉතින් හොඳින් නෙමෙයි කෙනෙක් මගේ හිත හොරකම් කරගෙනනෙ"


" මොකක්ද"


"හ්ම්ම්ම්ම්ම් දන්නවද ඒ කවුද කියලා ඒ ඔයා"


"මොකක් මම"


"හ්ම් ඔයා මොකද කියන්නේ මේකලා ඔයාගෙ හිතත් මට දෙනවද"

"ඇයි මේඛලා කතා නැත්තේ"


" අනේ මන්දා සඳරු මට........." 

Friday, September 30, 2011

හිමි නොවීම






ඔබ මිරිඟුවක් 
කිසිදා සැබෑ නොවෙන
ඔබයි මමයි රේල් පීලි දෙකක් 
කිසිදා එක් නොවෙන

Wednesday, September 28, 2011

නුඹ


සඳවත නුඹ 
මගෙ පාලු ලෝකේ තනිව දිලෙන
මගෙ තනිකම දුරලන

සිත් මඩල නුඹ
වියලුන කතරක් ඇති
ගසකට ලස්සන ගෙන දෙන

දිය දෝතකි නුඹ
සිසිලස සොයමින් ඉකිබිඳින
වියලුන මහදේ පිපාසය දුරලන

කවි පදය නුඹ
සෙනෙහස සොයමින් හඬන 
මගේ සිතට කවිත්වය දෙන

Tuesday, September 20, 2011

මතකද

" මම දෙයක් අහන්න මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේද"

" ම්ම්ම්ම්ම් අහන්නකෝ බලන්න තරහා වෙනවාද නැද්ද කියලා ඊට පස්සේ බලමුකෝ"

"එහෙම බෑ කියන්නකෝ තරහා වෙන්නේ නෑ කියලා "

" හ්ම්ම්ම්ම්ම්ම්ම් නැහැ කියන්නකෝ"

" මට ආදරෙයිද?"

"ම්ම්ම්ම්ම්ම් ආදරේ!!! ඔය ආදරේ නිසා මට මගේ හුඟාක් හොඳ යාලුවෙක්ව නැති උනා ඒ නිසා මට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැති කර ගන්න බෑ"

" නෑ නෑ එහෙම වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා කියන්නකෝ ආදරේද නැද්ද මට ම්ම්ම්ම්ම්ම්ම් "

" මන්දා "

එහෙම කියලා බෑනේ මට ආදරේනම් මගේ මේ අත අල්ලගෙනම ඉන්න නැතිනම් අත අතාරින්න"
එහෙම කියලා මගේ අත අරන් එයාගේ අත උඩින් තිබ්බා 

මතකද අදට මාස 6කට කලින් ඔයා මට මෙහෙම කිව්වා ඒත්................



Thursday, September 15, 2011

මතකෙට එන්න එපා




ඔබ හෙමින් හෙමින් ඇවිත් මගේ ලෝකෙට
අතීත සැමරුම් ගෙන එයි මතකෙට
අමතක කරන්න යන හැම මොහොතකම
හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්න එපා ඔබ

Monday, September 12, 2011

තනිකම



මාව බලාගන්න මගේ දුක අහන්න  
මගේ ලඟින් ඉන්න මාත් එක්ක එකට දුක සැප බෙදා ගන්න
කෙනෙක් නෑ

කෑවද බිව්වද 
නිදා ගත්තද ඔෆිස් ආවාද  හොයන්න
කෙනෙක් නෑ

ඕක කරන්න එපා ඕක අඳින්න එපා
තනියෙන් යන්න එපා කියන්න
කෙනෙක් නෑ

ලෙඩ උනාම බෙහෙත් ගන්න වෙලාවට බෙහෙත් බොන්න
මම බඩගින්නේ ඉන්නකොට හිරවෙන්න
කෙනෙක් නෑ
ජීවත් වෙන්න නම් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන
නැත්තන් ජීවිතේ පාළු හිස් ගතියක් දැනෙනවා
එතකොට මම කොන් වෙලා වගේ 

ජීවත් වෙන්නේ මොකටද , කාවෙනුවෙන්ද කියලා හිතනකොට
මාව පිච්චෙනවා 


Saturday, September 10, 2011

ඔබ නැති ලොව


කන කැස්බෑවියකි මා
වියසිදුරින් අහස බැලූ
තරු පොකුරු පිරී
සඳවතිය නැති
අමාවක රැයකි
ඔබ නැති ලොව

Wednesday, September 7, 2011

වෙන්වන්නට හමු වී




සංසාරෙන් සංසාරෙට
පතාන ආ ලෙස හමුවී
අපේම වන්නට පෙරුම්පුරා
පෙමින් බැඳුනා මේ භවයේ
ගිමන නිවලා සිසිල සදාලා
නිබද සතුට මට ලැබ දීලා
පෙරුමන් පුරලා බැඳි පෙම හැරදා
ඔබ යන්න ගිහින් වෙනකෙකු සොයාලා




ප/ලි : පින්තූර හොයන්න කම්මැලියි ඒ නිසා අද පින්තූර  නැත

Friday, September 2, 2011

මා නුඹෙමයි





 
දුරක පිපුන මලක් වැනිය නුඹෙ රුව
මගේ අඩුවෙන් නුඹෙ හිත කැ මොර දී හඬනවද 
සිතට දැනෙන මුත් නුඹ එය විද දරාගෙන ඉන්නවද 
ඔබෙන් දුරක හිටයත් මා නුඹෙ බව නුඹ දන්නවද

 
දුරක ගියත් නුඹ මා අතහැර
තවමත් ආදරෙයි මා නුඹ හට
සිතුන විටක නැවත ඒමට මාවෙත 
 මගේ හදවත සදාකල් ඔබ හට

Friday, August 26, 2011

නුඹ, මම හා ප්‍රේමය




සිත්තමකි ඔබේ රුව
මගේ නෙත වශී කළ............
තනුවක්ය ඔබේ හඬ
දෙසවනේ රැව් දුන්න.........
පහන් සිළුවක්ය නුඹ
මගේ සිත පහන් කළ..............
මතක කවියක්ය නුඹ
පිනිබිඳුව බොඳව ගිය............ :(( :(( :(( :(( :((

Friday, August 19, 2011

මා ලඟ ඔබ සිටීවිද?



                              
                                         ජීවිතේ අතර මැද ම්ඟ නැවතුමක
                                     අප දෙදෙනා සිටි බවක්‌ මතක ඇත
                                           ඉතිරි කර සෙනෙහසක මුදු සුවඳ
                                     සිහින මල් පරවේය සිත තුලම


                                       තාරකා නිවී ගිය වෙලාවක 
                                              සඳ නුබට තනිකමක්‌ දැනේවිද ?
                                     හුදෙකලා මේ ගමන නිමාවන දින
                                               මා ලඟ ඔබ සිටීවිද?

Monday, August 8, 2011

මගෙ කවිය ඔබ වෙන්න

අඳුරු රැය බබලන්න
සිත් අහස එලි වෙන්න
මගෙ සිත නැලවෙන්න
තව ටිකක් හිනහෙන්න


තොඳොස් බස් තෙපලන්න
තව ටිකක් ලං වෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පූදින්න


සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගෙ කවිය ඔබ වෙන්න




ප/ලි කාලෙකට පෙර මගේ පරණ ෆේස් බුක් එකවුන්ට් එකේ නිර්මානය කරලා අප්ලෝඩ් කරපු කවියක් පහලින් තියෙන්නේ ඒ නිර්මානය

 

Monday, June 13, 2011

අනේ මෙහෙමත් කෙල්ලෝ!!!!!



මට දැන්නම් හිතෙනවා ගොඩාකොල්ලෝ කෙල්ලන්ට බනින එක සාධාරණයි කියලා ඒ මොකද කිව්වොත් අද සහ මීට සති දෙකකට විතර කලින් වෙච්ච සිද්ධි දෙකක් නිසා මම මේ වගේ දෙයක් ගැන ලියලා තියෙන  පූසා මල්ලිගේ මේ පෝස්ට් එක කියවන කොට තමා මටත් මේ ගැන ලියන්න ඕනි කියලා හිතුනේ. දැන් මම සති දෙකකට විතර කලින් හවස වැඩ ඇරිලා ගෙදර යනකොට මම හිට ගෙන හිටපු තැන සීට් එකේ හිටියේ ගැණු ලමයෙකුයි ඒයාගේ ආදරවන්තයයි ඒ දෙන්නා හුඟාක් ආදරෙන් ඉන්නවා වගේ තමා අනිත් හැමෝටම පෙනුනේ ඒ උනාට අපිට ඒ දෙන්නා එහෙම ඉන්නවා දකින්න ලැබුනේ ටික වෙලාවයි හිටි ගමන් ඒ කෙල්ල අර පිරිමි ලමයගේ අත අතැරලා අහක බලා ගත්තා අපි ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ ඒත් හිටි ගමන් ඒ දෙන්නා අතරේ මේ දෙබස ඇති උනා

(අනුන්ගේ කතාවලට ඇහුම්කන් දෙන එකනම් කැත වැඩක් තමය් ;) )

ගැ: පඩි සල්ලි කීයක් ගත්තාද බැංකුවෙන්

පි : රු: 1000යි

ගැ : ඊයෙත් ගත්තා නේද රු : 1000ක් මෙහෙ දෙනවා ඔය කාඩ් එකයි රු : 1000


ඊට පස්සේ ඒ පිරිමි ලමයා කාඩ් එකයි සල්ලි දුන්නා පස්සේ ඒ පිරිමි ලමයානම් තලවතුගොඩින් බැහැලා ගියා කෙල්ල නෙමෙයි පැත්තවත් බැලුවේ ඒ ලමයා බස් එකෙන් බැහැලා ට්‍රැෆික් එකේ තිබ්බ බස් එක යනකල්ම බලන් හිටියා කෙල්ල නෙමෙයි පැත්ත බැලුවේ මම ඒත් හිතුවා මොනා උනත් හොඳ කෙල්ලෙක්නේ කොල්ලා සල්ලි නාස්ති කරන නතර කරන්නනේ ඒක කලේ කියලා


ඊට පස්සේ තමා හොඳම සීන් එක උනේ බස් එක ගමනාන්තයෙන්ම මම බහින නිසා මේක මමත් දැක්කේ මම මේ කිව්ව ගැනු ලමයා මගේ ඉස්සරහින් බස් එකෙන් බැස්සේ බැහැලා ඊට ටිකක් එහායින් හිටපු වෙන පිරිමි ළමයෙක්ගේ අතේ එල්ලීගෙන ආදරෙන් ගියා ඒක දැකපු මට අනේ අපොයි කියලා නිකන්ම කියවුනේ අර කලින් හිටපු පිරිමි ලමයාගැන මතක් වෙලා අනේ මන්දා අහිංසක කොල්ලන්ට කෙල්ලො මෙහෙම කරන්නේ ඇයි දන්නේ නෑ


ඒ එකක් අනිත් එක මාත් එක්ක සමීපයෙන්ම ඉන්න මගේ මල්ලි කෙනෙක්ට උන එකක් ඒ මල්ලි වැඩ කරන්නෙත් මම වැඩ කරන ඔෆිස් එකේමයි එයාට අපේ ෆැක්ට්‍රි එකේ වැඩ කරන ගැනු ලමයෙකුට හිත ගිහින් මිනිහා ඉතින් ලැජ්ජකාරයා නිසා ඒක ඒ කෙල්ලගෙන් අහන්න ගියේ නෑ පස්සේ ඒකෙල්ලම අපිට අවුරුදු නිවාඩුව දෙන දවසේ එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන තිබ්බා අවුරුදු නිවාඩුව අතරතුර දෙන්න ගොඩාක් දේවල් කතා කරලා ඒ මල්ලි ඉතින් මගේ නගාගේ යාලුවෙකුත් වෙන නිසා මම අපේ ඔෆිස් එකට දාලා දුන්න නිසාත් මා එක්ක හැමදේම වගේ කියනවා ඔය අතරේ මෙයා ඒ කෙල්ලගෙන් අහලා තියෙනවා ඔයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා කෙල්ල එආකට ඔව් කියලා ඒත් ඒ ලමයා මල්ලිට කතා කරන එක නතර කලේ නෑ
 ඒ කතාව ඇහුවාමනම් මම කිව්වේ ඔය වැඩේ නතර කරන්න කියලා මොකද කොහොමත් ඒ දෙන්න ගැලපෙන දෙන්නෙක් නෙමෙයි ඒ ගර්ල් ටැමිල් අනික මෙයාගේ තියෙන පවුල් පසුබිමත් එක්ක ඒ දෙන්නා කොහොමත් ගැලපෙන්නේ නෑ ( මේක මට හිතුන දේ කොයි තරම් දුරට මේක හරිද දන්නේ නෑ) මේ මල්ලි ඉතින් හැමදාම ලන්ච් ටයිම් එකට තමා ඒ ලමයාව බලන්නේ ඒක දවසක් එයාලා ලන්ච් අරන් යන ගමන් මේ ගර්ල් ෆැක්ට්‍රි එකේම වැඩ කරන වෙන පිරි මුකුළු කර කර කියව කියව ගියා ඒක දැකපු දවසෙත් මම ඒ මල්ලිට කිව්වේ ඔය මගුල අත අරිනවා හලෝ කියලා ඒත් මේ කොල්ලා නෙමෙයි ඒක අත ඇරියේ   දවස් ගානකින් අරංචියක් නැති නිසා මේ ලමයා කෙල්ලට කෝල් කරනකොට ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ ලු කොල්ලා දැන් හරියට කන්නේ බොන්නෙත් නෑ ඒ කෙල්ල වැඩට එන්නෙත් නෑ දැන් ටිකකට කලින් ඒ කෙල්ල වැඩ කරන සෙක්ශන් එකේ අක්කා කෙනෙක් ඇවිත් මට කිව්වා අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක පැනලා ගීහින් කියලා අනේ අපොයි මෙහේ කොල්ලො දෙන්නටම හුලන් දෙන්නම අහින්සක කොල්ලො මම තාම මල්ලිට මේක ගැන කිව්වේ නෑ කිව්වොත් මිනිහා මොනා කර ගනීවිද දන්නේ නෑ

මේ මම දන්න සිද්ධි දෙකක් විතරයි මේ වගේ එවා තව කොච්චර සිද්ධ වෙනවා ඇතිද


අනේ අපොයි මෙහෙමත් කෙල්ලො !!!  මෙහෙම කට්ටියට මොකක්ද දෙන්න ඕනි දඬුවම කියන්නකො බලන්න



ප.ලි : මෙහෙම කෙල්ලො නිසා තමා අවංක කෙල්ලන් ගැනත් කොල්ලො අවිශ්වාස කරන්නේ.