Pages

Wednesday, April 27, 2011

මේඛලා 02.

"අනේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා ඉන්න බෑ අම්මා අම්මා......."

" ඩොක්ටර්... මෙන්න ලෙඩාට සිහිය ඈවිලා , ඔයාට කතා කරන්න හොඳ නෑ සඳරු පොඩ්ඩක් ඉන්න ඩොක්ටර් එනකල්"

" ප්ලීස් මිස් කියන්න මම මේ කොහේද ඉන්නේ කියලා , ඇයි මාව මෙහාට ගෙනාවේ?"

"මේ නුවර හොස්පිට්ල් එක, ඊයේ හවස තමා ඔයාව මෙහාට ඇඩ්මිට් කලේ"

"ඇයි ඒ? කෝ මගේ ගෙදර කට්ටිය? මම ඊයේ ට්‍රිප් එකක් ආවානේ එයාලා එක්ක"

"පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තව ටිකකින් ඩොක්ටර් ඒවි ඊට පස්සේ මේ හැමදේම එයා තේරුම් කරලා දේවි ඔයාට"

"අන්න ඩොක්ටර් එනවා ඔයා ඩොක්ටර් එක්කම කතා කරගන්නකෝ සඳරු"

"ගුඩ් මෝනින් සඳරු"

"ගුඩ් මෝනින් ඩොක්ටර්, ඇත්තටම මට මොකද උනේ ඩොක්ටර්"

"ඊයේ හවස ඔයාගේ අම්මලා තමා ඔයාව මෙහෙ ඇඩ්මිට් කලේ , හිටි ගමන් ඔයාට සිහි නැතිවෙලා ඔයාට මතකද මොකද උනේ කියලා"

"ම්ම්ම් ඔව් අපේ නංගි මේඛලාට බැන්නා ඊට පස්සේ මම කේන්ති ගිහින් එයාට ගැහුවා ඊට පස්සේ ඇති උන කතා බහෙන් පස්සේ වෙන්න ඇති මට සිහි නැති උනේ"

"හ්ම්ම්ම් ඔවීට පස්සේ ඔයාට සිහි නැති වෙලා  එවෙලාවේ තමා ඔයාව මෙහෙට ගෙනාවේ"

" හ්ම්"

"දැන් බය වෙන්න දෙයක් නෑ අද හවසට ඔයාට ගෙදර යන්න පුලුවන්"

" කෝ ඩොක්ටර් මගේ ගෙදර කට්ටිය"

එයාලා තව ටිකකින් ඒවි"
" ඩොක්ටර් පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න මම හිතනවා ඩොක්ටර් මම ඉන්න තත්වේ තේරුම් ගනියි කියලා"

"කියන්න සඳරු මට පුලුවන් දෙයක් නම් මම කරන්නම්"

" මට ගෙදර යන්න බෑ ඩොක්ටර් මට ටික දවසකට මෙහෙ නතර වෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද? ගෙදර ගියාම මට මේඛලාව මතක් වෙනවා"

"ඒකට ඔයාගේ අම්මලා කැමති වෙයිද?"

"මම උත්සහ කරල බලන්නම් එයාලාව කැමති කර ගන්න.ඒත් ඩොක්ටර්ත් පොඩ්ඩක් එයාලාට තේරුම් කරලා දෙන්න බලනවාද?"

"ඕකේ අයි විල් ට්‍රයි ටු ඩූ මයි බෙස්ට්"

"තෑන්ක්ස් ඩොක්ටර්"

" මම දෙයක් ඇහුවාට කමක් නැද්ද සඳරු?"

"කමක් නෑ ඩොක්ටර් අහන්න"

" කවුද මේඛලා කියන්නේ?"

" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"

"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"

"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"

5 comments:

  1. කතාව හොදයි දිගටම ලියන්න ANGE

    ReplyDelete
  2. ලස්සනයි. දිගටම ලියන්න

    ReplyDelete
  3. ඉතින් ඒ දිග කතාව කියන්නකෝ නංගි බබා

    ReplyDelete
  4. ඩොක්ටර් සහ නර්ස් සඳරුව දන්න අයද?
    නැති නම් කොහොමද එක පාරටම එයාලා නමින් අමතන්නේ . .
    එතන පොඩ්ඩක් අස්වාභාවිකයි වගේ

    ReplyDelete