Pages

Tuesday, November 8, 2011

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්

තමන්ට ආදරේ කරන කෙනාව තේරුම් නොගෙන පස්සේ පසුතැවිලා වැඩක් නෑ කොල්ලනේ.......



ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........♥
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥

තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥



ගායනය :තීක්ෂන අනුරාධ 

සින්දුව ඩවුන්ලෝඩ් කර ගන්න මෙතනට  යන්න
 

Thursday, November 3, 2011

දේදුන්නේ සත් පාට හංඟලා........






හැමදාම එක එක විකාර කියලා පෝස්ට් එකක් දානවනේ ඒ නිසා අද මම ලස්සන සින්දුවක් අරන් ආවා ගෑනු ළමයෙක් එයාගෙ පෙම්වතාට ආදරේ කරන්නේ කොහොමද කියන එක තමා මේ සින්දුවෙන් කියවෙන්නේ
 

දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි..
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්..

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්.....
ගායනය : නිරෝෂා විරාජිනී
ඩවුන් ලෝඩ් කර ගන්න ඕන නම්මෙතනට යන්න
 ප/ලි : මගේ බ්ලොග් බබාගෙ ඇඳුම වෙනස් කළා හොඳද කියලත් කියන්නකො