Pages

Tuesday, December 20, 2011

තැන්ක් යූ පාටි

ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....


එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න 






ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම  කේක් දෙකක්ම ගෙනාවා...


අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී. ඊයෙ රෑ 12.00ට හරියටම මට විශ් කරපු කවිඳූ අයියටත්  , අපේ අක්කිටත් , උදේ පාන්දරම කතා කරපු ලොකු අයියා ,  ආසිරි අයියා , ගයාන් අයියා මට මූනු පොතෙන් ,  Twitter එකෙන් ව්ශ් කරපු හැමෝටම ඉස්තූතියි.










ප/ලි : රණ්ඩු කර ගන්නේ නැතුව කන්න හොඳේ

Monday, December 12, 2011

හැපි බර්ත් ඩේ තාත්තේ







දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

:'(  මේ යුතුකම මටවත් නංගිටවත් කරන්න බැරි උනා තාත්තේ ඒ ඔයා අපිව දාලා යනකොට අපි දෙන්නාම පාසල් යනවා වීම. ඒත් අද ඔයාගෙ 60 වෙනි උපන්දිනේ ඔයා අපිත් එක්ක හිටියා නම් අද දවසේ අපි දෙන්නා මොනාද තාත්තේ ඔයාට නොකරන්නේ .

මතකද තාත්තේ ඔයාගෙ අන්තිම බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරපු හැටි මමයි නංගියි ගානේ කරපු පළවෙනි සහ අන්තිම බර්ත් ඩේ එක ඒක වෙයි කියලා කවදාවත් අපිට හිතුනේ නෑ තාත්තේ. එදා ඔයාගෙ බර්ත් ඩේ එකට දවස් දෙකකට කලින් සීයා තාත්තා බලන්න ගිය වෙලාවෙ එයා අපි දෙන්නාට අළුත් අවුරුද්දට ඇඳුම් ගන්න දුන්න සල්ලි වලින් අපි දෙන්නා ඔයාට ෂර්ට් එකකුයි චූටි පාටි එකකුයි ලෑස්ති කළා. එදා අපි දෙන්නා දීපු බර්ත් ඩේ කාඩ් එක ඊයෙ අහම්බෙන් මට පොතක් ඇතුලේ තිබිලා හම්බ උනා. ඒක අවුරුදු 5ක් ඈතට මගේ මතකය අරන් ගියා තාත්තේ . මම දන්නවා ඔයා කොහේ හරි  ඉඳගෙන මේ පෝස්ට් එක බලන් ඉන්නවා කියලා. මෙතනින් එහාට මට කිසි දෙයක් ලිය වෙන්නේ නෑ මගේ කීබෝඩ් එක බොඳ වෙලා යනවා අන්තිමට මම කියන්නේ මම මානසිකව වැටෙන හැම වෙලාවකදිම මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ හැමෝටම පින් ඒ වගේම ගොඩාක් ස්තූතියි


තාත්තේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!








Monday, December 5, 2011

අහිමි ඔබ




ඔබ මිරිඟුවක් 
ඒත් එය හිත පිළිනොගනී
ඔබේ හිමිකාරිය මම නෙමෙයිලු
ඒත් හිත එය පිළිනොගනි 
අහිමි බව දැන දැනත් 
මා පෙම් කරමි ඔබට හැමදාමත් :(

ප.ලි : මේක කවිද නිසදැස්ද කියලා මම නොදනී