Pages

Monday, December 12, 2011

හැපි බර්ත් ඩේ තාත්තේ







දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

:'(  මේ යුතුකම මටවත් නංගිටවත් කරන්න බැරි උනා තාත්තේ ඒ ඔයා අපිව දාලා යනකොට අපි දෙන්නාම පාසල් යනවා වීම. ඒත් අද ඔයාගෙ 60 වෙනි උපන්දිනේ ඔයා අපිත් එක්ක හිටියා නම් අද දවසේ අපි දෙන්නා මොනාද තාත්තේ ඔයාට නොකරන්නේ .

මතකද තාත්තේ ඔයාගෙ අන්තිම බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරපු හැටි මමයි නංගියි ගානේ කරපු පළවෙනි සහ අන්තිම බර්ත් ඩේ එක ඒක වෙයි කියලා කවදාවත් අපිට හිතුනේ නෑ තාත්තේ. එදා ඔයාගෙ බර්ත් ඩේ එකට දවස් දෙකකට කලින් සීයා තාත්තා බලන්න ගිය වෙලාවෙ එයා අපි දෙන්නාට අළුත් අවුරුද්දට ඇඳුම් ගන්න දුන්න සල්ලි වලින් අපි දෙන්නා ඔයාට ෂර්ට් එකකුයි චූටි පාටි එකකුයි ලෑස්ති කළා. එදා අපි දෙන්නා දීපු බර්ත් ඩේ කාඩ් එක ඊයෙ අහම්බෙන් මට පොතක් ඇතුලේ තිබිලා හම්බ උනා. ඒක අවුරුදු 5ක් ඈතට මගේ මතකය අරන් ගියා තාත්තේ . මම දන්නවා ඔයා කොහේ හරි  ඉඳගෙන මේ පෝස්ට් එක බලන් ඉන්නවා කියලා. මෙතනින් එහාට මට කිසි දෙයක් ලිය වෙන්නේ නෑ මගේ කීබෝඩ් එක බොඳ වෙලා යනවා අන්තිමට මම කියන්නේ මම මානසිකව වැටෙන හැම වෙලාවකදිම මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ හැමෝටම පින් ඒ වගේම ගොඩාක් ස්තූතියි


තාත්තේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!








11 comments:

  1. හුඟක් සංවේදී ලිපියක්... උදේ ඔයාගේ ස්ටැට්ස් එකෙත් දැක්කා මම... ජීවිතේ හැටි තමයි...

    ReplyDelete
  2. අර බුකියේ කෙනෙක් කියලා තිබ්බා වගේ තාත්තට ආඩම්බරයක් වෙන විදිහට ජීවත් වෙන්න ඒක තමා තාත්තට කරන්න පුළුවන් හොදම දේ.

    ReplyDelete
  3. තාත්තා ඔයාලා දිහා බලන් ඇති.. එයාට ආඩම්බරයක් වෙන විදිහට ජීවිතේ ගොඩ නගා ගන්න..

    ReplyDelete
  4. ඔයාලා ලඟ නොහිටියත් තාත්තට සුබ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
  5. ඔබේ තාත්තට සුබ උපන්දිනයක්ම වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
  6. තාත්ත වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දේ තමයි නගේ තාත්තට ආඩම්බරයක් වෙන විදියට ජීවත් වෙන එක . . . . . එදාට තාත්ත ඉන්නදිහාවක ඉඳල ඔයා දිහා බලල සතු‍ටුවෙයි . . . .

    ReplyDelete
  7. මුණු පොතෙත් සුබ පැතුවා,, තාත්තා ඉන්න තැනක හොද ආත්මයක් ලබලා ඇති,, තාත්තාට සතුටු වෙන්න පුළුවන් දු පොඩ්ඩක් ඉන්නවනේ,,

    ජය..

    ReplyDelete
  8. දුක් වෙන්න එපා නංගි.තාත්තා දැන් හොද ආත්මයක් ලබලා ඇති.ඔයා එයාව ආඩම්බර කරන්න පුලුවන් විදිහෙ හොද දුවක් වෙන්න.

    ReplyDelete
  9. කොහේ හිටියත් තාත්තා ගොඩක් සතුටින් ඇති, ඔයා දිහා බලලා.

    ReplyDelete
  10. ඔයාගෙ තාත්තට නිවන් සුව...!!!

    ReplyDelete
  11. මාත් ඔයා වගේමයි මගේ තාත්තගේ 48 වෙනි උපන් දිනේ මේ 16 වෙනිදා ............ හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට නම් මේක ගොඩක් සංවේදියි ...

    සුදු මල් පොකුරක් අතින් දරා නුබේ සොහොන ලග තනි වී ...
    රහසේ සැලෙනා කදුලැලි පිසදා සිහි කරනෙමි මගේ පියාණෙනි .............
    සුදු මල් පොකුරක් අතින් දරා නුබේ සොහොන ලග තනි වී ...
    රහසේ සැලෙනා කදුලැලි පිසදා සිහි කරනෙමි මගේ පියාණෙනි .............


    බාල වියේ ඔබ තුරුලේ
    සැගවී සෙනහස් ඔරුවේ
    සිතුවීලි අතරේ මා තනි කෙරුවේ
    නෙවත නොයෙන්නට ගිය ගමනේ ...........

    ReplyDelete