Pages

Showing posts with label පුද්ගලික. Show all posts
Showing posts with label පුද්ගලික. Show all posts

Monday, December 12, 2011

හැපි බර්ත් ඩේ තාත්තේ







දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

:'(  මේ යුතුකම මටවත් නංගිටවත් කරන්න බැරි උනා තාත්තේ ඒ ඔයා අපිව දාලා යනකොට අපි දෙන්නාම පාසල් යනවා වීම. ඒත් අද ඔයාගෙ 60 වෙනි උපන්දිනේ ඔයා අපිත් එක්ක හිටියා නම් අද දවසේ අපි දෙන්නා මොනාද තාත්තේ ඔයාට නොකරන්නේ .

මතකද තාත්තේ ඔයාගෙ අන්තිම බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරපු හැටි මමයි නංගියි ගානේ කරපු පළවෙනි සහ අන්තිම බර්ත් ඩේ එක ඒක වෙයි කියලා කවදාවත් අපිට හිතුනේ නෑ තාත්තේ. එදා ඔයාගෙ බර්ත් ඩේ එකට දවස් දෙකකට කලින් සීයා තාත්තා බලන්න ගිය වෙලාවෙ එයා අපි දෙන්නාට අළුත් අවුරුද්දට ඇඳුම් ගන්න දුන්න සල්ලි වලින් අපි දෙන්නා ඔයාට ෂර්ට් එකකුයි චූටි පාටි එකකුයි ලෑස්ති කළා. එදා අපි දෙන්නා දීපු බර්ත් ඩේ කාඩ් එක ඊයෙ අහම්බෙන් මට පොතක් ඇතුලේ තිබිලා හම්බ උනා. ඒක අවුරුදු 5ක් ඈතට මගේ මතකය අරන් ගියා තාත්තේ . මම දන්නවා ඔයා කොහේ හරි  ඉඳගෙන මේ පෝස්ට් එක බලන් ඉන්නවා කියලා. මෙතනින් එහාට මට කිසි දෙයක් ලිය වෙන්නේ නෑ මගේ කීබෝඩ් එක බොඳ වෙලා යනවා අන්තිමට මම කියන්නේ මම මානසිකව වැටෙන හැම වෙලාවකදිම මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ හැමෝටම පින් ඒ වගේම ගොඩාක් ස්තූතියි


තාත්තේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!








Saturday, September 10, 2011

ඔබ නැති ලොව


කන කැස්බෑවියකි මා
වියසිදුරින් අහස බැලූ
තරු පොකුරු පිරී
සඳවතිය නැති
අමාවක රැයකි
ඔබ නැති ලොව

Wednesday, September 7, 2011

වෙන්වන්නට හමු වී




සංසාරෙන් සංසාරෙට
පතාන ආ ලෙස හමුවී
අපේම වන්නට පෙරුම්පුරා
පෙමින් බැඳුනා මේ භවයේ
ගිමන නිවලා සිසිල සදාලා
නිබද සතුට මට ලැබ දීලා
පෙරුමන් පුරලා බැඳි පෙම හැරදා
ඔබ යන්න ගිහින් වෙනකෙකු සොයාලා




ප/ලි : පින්තූර හොයන්න කම්මැලියි ඒ නිසා අද පින්තූර  නැත