Pages

Tuesday, April 26, 2011

මේඛලා

"සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ"

" මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්"

"මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව"

චටාස්......

" තමුසෙගේ කට කඩනවා මම මේඛලාට ආයේ ඔහොම කතා කලොත් එකි මගේ හැමදාටම මගේ දැනගන්නවා හැමෝටම පේන්න මම මේඛලාව මනමාලියෙක් කරලා අපේ ගෙදරට ගේනවා තමුසෙගෙ නෑනා කරනවා , දැන් යනවා මෙතනින් මගෙන් ගුටි නොකා"

"ඉන්නවා මම අම්මාට කියන්න ඔයා මට ගැහුවා කියලා කොහෙවත් යන ගෑණියෙක් නිසා අම්මා............ මේ අයියා මට ගැහුවා"

"ඉතින් යනවා ගිහින් කියනවා ඔකොම එකයි කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ"

මම දෑතින්ම හිස බදාගෙන ඉකි ගෑසුවේය. මට මේ මොකක්ද උනේ අනේ රත්තරං මේ සේරම ඔයාට බනිනවා ඔයා වැරදි නෑනේද මගේ කෙල්ලේ කියන්න

"මොනාද ලොකු පුතේ මේ වෙලා තියෙන්නේ ඇයි මේ අහිංසක කෙල්ලව මරන් කන්න හදන්නේ "


" නෑ අම්මේ මේකි, මේකි  මගේ මේඛලාට බැන්නා මම මේකිව මරනවා මගේ කෙල්ලට ආයෙම එහෙම කතා කලොත්"

ඇත්ත තේරුම් ගන්න පුතේ මේඛලා ඔයාව දාලා ගියා එයා ගියා දැන් ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න මයේ රත්තරනේ"

"මේඛලා මාව දාලා ගියා ඇයි එයා මට එහෙම කලේ මේඛලා...................................."




7 comments:

  1. ආදරේ තමන්ව දාලා යද්දී හිත අඩන තරම් කාටවත් පෙන්නේ නෑ......

    ReplyDelete
  2. කොල්ලො අඩන්නෙ නෑ. ගොඩාක් අය හිතන්නෙ එහෙමයි. ඒත් කොල්ලො අඩනව ගොඩාක්... කෙල්ලොන්ටත් වඩා.. හිතෙන් සහ කදුලු වලින්.....

    ලස්සනයි...

    ජය...

    ReplyDelete
  3. ඔය.. ඔය...ඕගොල්ලො වරද්දගෙන. මේක ලව් කතාවක් නෙමේ. පොඩි කාලෙ අහල පහල කෙල්ලො එක්ක සෙල්ලන් කොරන කොට වෙච්ච දෙයක්. ඊට පස්සේ අම්ම කනට එකක් ගහල ගෙට ඇදගෙන ගිහින් බත් කව්වලු.

    ReplyDelete
  4. ලස්සනයිzzzzzzzzzzzz... :D

    ReplyDelete
  5. අපොයි...

    (ඉලංදාරියගෙ විස්තර පොටෝ එක ඉස්සුව ටික දවසකට... මේල් එකකින් දන්වන්න ක්‍රමයක් හොයාගන්න බැරි නිසා මෙහෙම දැනුම් දෙන්නම්... ටික දවසකට විතරක්... අවුලක් නෑ කියල හිතනව)

    ReplyDelete
  6. ආදරේ අහිමි උනාම ඒකේ තියන වේදනාව කියලා නිම කරන්න බෑ..

    ReplyDelete
  7. හ් ම්ම්ම්ම් ආදරේ කල හිතකින් වෛර කරන්න බෑ තමයි . .

    ReplyDelete