Pages

Thursday, October 13, 2011

මේඛලා - 3

හප්පා මාස ගානකින් ඔන්න කතාව ලියන්න ගත්තා කටුවට කෝලෙක ලියලා තිව්නට ටයිප් කරන්න කම්මැලිකමේ හිටිය මෙන්න කලින් කොටස් දෙක කතාව අමතක අයයි පළවෙනි වටාවට බලන අයයි මේකට ගිහින් බලලා එන්නකො
මේඛලා - 2


" කවුද මේඛලා කියන්නේ?"


" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"


"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"


"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"


**************************************************************************************


"ඒ මචන් අසංග උඹලාගෙ අර එහා පැත්තේ ගෙදර ඉන්න කෙල්ල නම් මාර ලස්සනයි බන්"


"කා ගැන ද බන් උඹ කිව්වේ"


"අර අපේ කොමර්ස් පන්තියෙ ඉන්නේ බන් උඹ බබා උඹලාගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර ඉන්න කෙල්ල ගැන උඹ දන්නේ නෑ"


" අපෝ අර ආඩම්බරකාර පන්ඩිත කෙල්ල මේඛලාද මකලද මොකක්ද එකීද"


"ඒ ඒ ඉතින් කැත සීන් එපා බන් ඒකි උඹට වැටෙන්නෙ නෑ කියලා නිකන් ඒකිට කතා හදන්න එපා බන්"


" හරි සඳරු පුතේ උඹට දැන් මොකක්ද වෙන්න ඕනි කියපන්"


'නෑ මේකයි මචන් එදා මම උඹලාගෙ ගෙදර ආපු වෙලේ දැක්කා ඒකිව මාර ලස්සනක් බන් තියෙන්නේ උදව්වක් දියන්කො බන් "




" අපෝ ජනාධිපතිගෙ දුව එක්ක යාළු වෙන්න උනත් උඹට සප් එක දෙන්නම් හැබැයි අර යක්ෂ අම්මන්ඩිගෙ දුව එක්ක යාළු වෙන්න නම් නෝ සප් මගෙන්.ඕක මාට්ටු උනොත් එහෙම ගෑනි එයි මෝල්ගහ උස්සන් මගෙ පස්සෙන් අන්තිමට මම ගෙදර වසලා හමාරයි හා කියපන් බලන්න අපේ අම්මා මාව ගෙදරින් එලෙව්වොත් උඹ මාව උඹලාගෙ ගෙදර තියාගන්නවදා නෑනේ, ඉතින් බන් මම මොකටද නිකන් ඉල්ලන් ටින්කිරි කන්නේ "



"හරි හරි උඹට බෑනේ මම තනියම ඒක ගොඩ දාගන්නම් අනික උඹ වගේ හිපාටුවෙක් හවුල් උනාම හරියන වැඩෙත් හරියන්නෙ නෑ. අන්න ටොක්කා එනවා මචන්" එහෙම කියලා අසංගයාගෙ බඩටත් පාරක් ගහගෙන ගිහින් පන්තියෙන් වාඩි උනේ අපේ බයෝ සර් ඈතින් එනවා දැක්ක නිසා.



සඳරු නැඟිටිනවා මොනාද තමුසෙ ඔච්චර කල්පනා කරන්නේ ම්ම්ම්ම්


"නෑ නෑ මේ සර්"


"නෑ නෑ මේ මේ ඔහොමම හිටගෙන ඉන්නවා උගන්නන වෙලාවල් වලට සිහින් ලෝක වල් ඉන්නවා මෙතන"


"හරිනෙ දැන් හිටගෙන ඉදපන් පීරියඩ් එකක්ම අර මකලාගේ සිහියෙන් හිටියා නම්"


"උඹ කට වහගෙන ඉඳපන් මම ආයෙ බොට කියන්නේ නෑ හරිද අසංග"


ඒ එක පීරියඩ් එක මට නිකන් මුළු දවසක් වගේ බෙල් එක ගැහුවට පස්සේ ටොක්කත් පන්තියෙන් ගියා හිටගෙන හිටිය පීරියඩ් එකේම ම්අම කල්පනා කලේ පස්ස ගහන්නෙ නැතිව


"මචං අසංග මම තීරණය කලා බන් මේඛලාට මගේ හිතේ තියෙන අදහස කියන්න්" කැන්ටිමට යන ගමන් මම අසංගයාට ඒක කිව්වම උගේ ඇස් දෙක නළලට ගියා.


"බොට පිස්සුද බන් "


"ඇයි ආදරේ කරන එක වරදක් බන් හා කියපන් උඹ ඉතින් සියලු මහප්‍රාණ දන්න එකානේ"


" හරි හරි ඒක ඇත්ත් ඒත් මොකො බන් හිටි ගමන් මේ ගහෙන් ගෙඩි එන්න වගේ"


"උඹට වැඩක් නෑනේ ඒ පන්ඩිතකම් උඹ මාත් එක්ක එනවද නැද්ද කියපන්"


"උඹලා වගේ එවුන්ට තමයි අපාය සහායක මිත්‍රයෝ කියන්නේ හරි හරි යමන් ඉතින් උඹ අහපන් මට නම් බෑ අහන්න"


" හරි හරි මම අහන්නම් උඹ නෙමෙයිනේ ඒකිට ලව් කරන්නේ මමනේ"


"අන්න එනවා උඹේ ප්‍රියම්භිකාව දැන් පලයන් ගිහින් අහපන්"


"සඳුනි පොඩ්ඩක් එනවද"


"ඇයි සඳරු"


"මේ මට ඔයාගෙ යාළුවා මේඛලාට පොඩ්ඩක් කතා කරන්න ඕනි"


"මේඛලාට ම්ම්ම්ම් මම එයාගෙන් අහලා බලන්නම්"


"අනේ ලොකු උදව්වක් සඳුනි"


"හා හා බට් ශුවර් කරන්න එපා හරිද"


"යෙස් දාපන් 5ක් වැඩේ හරිගියොත් ගොඩ මචං"


"ඒ මචං අන්න සඳුනි එනවා"


"ආ සඳුනි මොකෝ සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද"


"සුභයි සුභයි අන්න කතා කරමු කිව්වා හැබැයි විනාඩි 5යි දෙන්නෙ කිව්වා"


"හා හා තැන්ක්ස් කෙල්ලේ" එහෙම කියාගෙන මම හිමීට මේඛලා ඉන්න පැත්තට ගියා


"මේඛලා ඉතින් කොහොමද "


"හොඳයි සඳරු ඔයාට"


"හ්ම්ම්ම්ම්ම් මම නම් ඉතින් හොඳින් නෙමෙයි කෙනෙක් මගේ හිත හොරකම් කරගෙනනෙ"


" මොකක්ද"


"හ්ම්ම්ම්ම්ම් දන්නවද ඒ කවුද කියලා ඒ ඔයා"


"මොකක් මම"


"හ්ම් ඔයා මොකද කියන්නේ මේකලා ඔයාගෙ හිතත් මට දෙනවද"

"ඇයි මේඛලා කතා නැත්තේ"


" අනේ මන්දා සඳරු මට........." 

5 comments:

  1. ඇත්තටම කතාවේ මුල මට මතක නෑනේ.. ඉතින් ගිහින් ඒකත් බලලා එන්නම්.. ඊළග කොටසනම් මේතරම් පරක්කු කරන්න එපා...

    ReplyDelete
  2. අම්මෝ මේ කෙල්ලන්ගේ ගණන් !!! විනාඩි පහයි දෙන්නේ !!! පුඃ !!!

    අපි රැවටෙයි ඕවට. මුලින්ම් ඔහොම කියලා පස්සේ එලෝ ගන්න බැරිවෙයි. මට හිතෙන්නේ මේකලා සදරුට කැමති වෙයි වගේ.

    මේකලා කිව්වම මට මතක් උනේ ගම්පහ තියෙන ෆිල්ම් හෝල් එකක් !!!

    ReplyDelete
  3. සඳරු කියලා තිබිච්ච නිසා ආසාවෙන් කතාව බැලුවා හිනා වෙවිවී .. බලමු ඊලඟ කොටස බලන්න මම ආවේ නැත්තං ඒක මගේ අවාසනාව අනිවා මම එනවා ..

    ReplyDelete
  4. සඳරු... අහා.... මරු කතාව

    ReplyDelete
  5. අප්පා ඔච්චර ලේසියෙන් ගොඩ ගියාද?
    මදි මදි . . තව අතින් දාලා ලියන්න ඕන . .

    ReplyDelete