Monday, April 16, 2012

මතක සුවඳ



පාසල් නිම වී ගෙදරට එනතුරු
ගෙපිළේ හිඳගෙන
දෙනෙත අයාගෙන
පාරට එබෙමින්
බලා හිඳි මගේ අප්පච්චි....

මගෙ ජීවන ගමනේ
පුන් සඳ මෙන් එළිය දෙමින්
පසු පස සෙවනැල්ලක් මෙන්
නුඹ හිටියා අප්පච්චි

ගෙපිළම අද පාළු වෙලා
ගෙය ඇතුළත් පාළු වෙලා
සුවඳවත් මතකයන් තබා
මුළු ගෙදරම පාළු කරලා

නුඹ යන්න ගිහින් අප්පච්චි..........

15 comments:

  1. හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. මොනව කියන්නද මංදා............

    ReplyDelete
  3. ගතින් ඉන්නට නැතත් ලංවි සිතින් යන්නට එපා වෙන්වි....... :(

    ReplyDelete
    Replies
    1. මැට්ටෝ මේ ලව් නෙමෙයි හොඳට කියවලා බලනවා

      Delete
    2. අනේ බං තොට ලං මාන්දම ඔළුවට ගැහුවට අපි පලිද බොල.. :/

      වදනේ තේරුම මධ්‍යස්ථව කියවපිය.. ගර්ර්ර්ර් :/

      Delete
  4. අවුරුදු ගානකට කලින් මගෙන් ඈත් වෙලා ගිය අප්පච්චි ගැන මතකය ආයෙත් අලුත් උනා :(

    //සුවඳවත් මතකයන් තබා
    මුළු ගෙදරම පාළු කරලා

    නුඹ යන්න ගිහින් අප්පච්චි..........//

    ReplyDelete
  5. //මගෙ ජීවන ගමනේ
    පුන් සඳ මෙන් එළිය දෙමින්
    පසු පස සෙවනැල්ලක් මෙන්
    නුඹ හිටියා අප්පච්චි//

    අම්මා තාත්තා විතරයි තමන් ගැන නොසිතා දරුවන් වෙනුවෙන් දුක් විඳින්නේ.හ්ම්ම්ම්

    අක්කිගෙන් කාලෙකට පස්සේ පෝස්ට් එකක් :) කිචිබිචියෙ බුකියෙ හොයාගන්නත් නෑනේ දැන් :(

    ReplyDelete
  6. දෙමවුපියන්ගේ සෙනෙහස අහිම් උනාම ඒක කාලයක් යනකම් දරන්න අමාරුයි..

    ReplyDelete
  7. ලස්සනයි! සුවඳයි!
    බලන්න කොච්චර ලස්සනට ඔයා ලියනවද?

    මගේ බ්ලොගියට මෙහෙම කොමෙන්ට්ස් වැටෙන්නෙ නෑ!
    දිගටම ලියන්න ඉඩහසර හදාගෙන!

    ReplyDelete
  8. තාත්ත නැතිවෙලා මේ මාසේ 29 ට අවුරුද්දයි :(

    ReplyDelete
  9. බොහොම හිතට කාවැදුන කවක් මේක. මම මගේ දියණියන් දෙදනාගේ අනාගතය ගැන බියකුත් දැනුනා.
    http://samakayawate.blogspot.com/2012/10/blog-post_27.html

    ReplyDelete
  10. තාත්තා...
    ..තාත්තා තමයි දරුවෙක් ජීවිතේ කියවන ලස්සනම කවිය!

    ReplyDelete