ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....
එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න
ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම කේක් දෙකක්ම ගෙනාවා...
අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී. ඊයෙ රෑ 12.00ට හරියටම මට විශ් කරපු කවිඳූ අයියටත් , අපේ අක්කිටත් , උදේ පාන්දරම කතා කරපු ලොකු අයියා , ආසිරි අයියා , ගයාන් අයියා මට මූනු පොතෙන් , Twitter එකෙන් ව්ශ් කරපු හැමෝටම ඉස්තූතියි.
ප/ලි : රණ්ඩු කර ගන්නේ නැතුව කන්න හොඳේ
Tuesday, December 20, 2011
Monday, December 12, 2011
හැපි බර්ත් ඩේ තාත්තේ
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
:'( මේ යුතුකම මටවත් නංගිටවත් කරන්න බැරි උනා තාත්තේ ඒ ඔයා අපිව දාලා යනකොට අපි දෙන්නාම පාසල් යනවා වීම. ඒත් අද ඔයාගෙ 60 වෙනි උපන්දිනේ ඔයා අපිත් එක්ක හිටියා නම් අද දවසේ අපි දෙන්නා මොනාද තාත්තේ ඔයාට නොකරන්නේ .
මතකද තාත්තේ ඔයාගෙ අන්තිම බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරපු හැටි මමයි නංගියි ගානේ කරපු පළවෙනි සහ අන්තිම බර්ත් ඩේ එක ඒක වෙයි කියලා කවදාවත් අපිට හිතුනේ නෑ තාත්තේ. එදා ඔයාගෙ බර්ත් ඩේ එකට දවස් දෙකකට කලින් සීයා තාත්තා බලන්න ගිය වෙලාවෙ එයා අපි දෙන්නාට අළුත් අවුරුද්දට ඇඳුම් ගන්න දුන්න සල්ලි වලින් අපි දෙන්නා ඔයාට ෂර්ට් එකකුයි චූටි පාටි එකකුයි ලෑස්ති කළා. එදා අපි දෙන්නා දීපු බර්ත් ඩේ කාඩ් එක ඊයෙ අහම්බෙන් මට පොතක් ඇතුලේ තිබිලා හම්බ උනා. ඒක අවුරුදු 5ක් ඈතට මගේ මතකය අරන් ගියා තාත්තේ . මම දන්නවා ඔයා කොහේ හරි ඉඳගෙන මේ පෝස්ට් එක බලන් ඉන්නවා කියලා. මෙතනින් එහාට මට කිසි දෙයක් ලිය වෙන්නේ නෑ මගේ කීබෝඩ් එක බොඳ වෙලා යනවා අන්තිමට මම කියන්නේ මම මානසිකව වැටෙන හැම වෙලාවකදිම මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ හැමෝටම පින් ඒ වගේම ගොඩාක් ස්තූතියි
තාත්තේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!
තාත්තේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!
Monday, December 5, 2011
අහිමි ඔබ
ඔබ මිරිඟුවක්
ඒත් එය හිත පිළිනොගනී
ඔබේ හිමිකාරිය මම නෙමෙයිලු
ඒත් හිත එය පිළිනොගනි
අහිමි බව දැන දැනත්
මා පෙම් කරමි ඔබට හැමදාමත් :(
ප.ලි : මේක කවිද නිසදැස්ද කියලා මම නොදනී
Tuesday, November 8, 2011
ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
තමන්ට ආදරේ කරන කෙනාව තේරුම් නොගෙන පස්සේ පසුතැවිලා වැඩක් නෑ කොල්ලනේ.......
ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........♥
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥
රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥
තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ

Thursday, November 3, 2011
දේදුන්නේ සත් පාට හංඟලා........
හැමදාම එක එක විකාර කියලා පෝස්ට් එකක් දානවනේ ඒ නිසා අද මම ලස්සන සින්දුවක් අරන් ආවා ගෑනු ළමයෙක් එයාගෙ පෙම්වතාට ආදරේ කරන්නේ කොහොමද කියන එක තමා මේ සින්දුවෙන් කියවෙන්නේ
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි..
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්..
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්.....
ගායනය : නිරෝෂා විරාජිනී
ඩවුන් ලෝඩ් කර ගන්න ඕන නම්මෙතනට යන්න
ප/ලි : මගේ බ්ලොග් බබාගෙ ඇඳුම වෙනස් කළා හොඳද කියලත් කියන්නකො
Thursday, October 13, 2011
මේඛලා - 3
හප්පා මාස ගානකින් ඔන්න කතාව ලියන්න ගත්තා කටුවට කෝලෙක ලියලා තිව්නට ටයිප් කරන්න කම්මැලිකමේ හිටිය මෙන්න කලින් කොටස් දෙක කතාව අමතක අයයි පළවෙනි වටාවට බලන අයයි මේකට ගිහින් බලලා එන්නකො
මේඛලා - 2
" කවුද මේඛලා කියන්නේ?"
" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"
"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"
"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"
**************************************************************************************
"ඒ මචන් අසංග උඹලාගෙ අර එහා පැත්තේ ගෙදර ඉන්න කෙල්ල නම් මාර ලස්සනයි බන්"
"කා ගැන ද බන් උඹ කිව්වේ"
"අර අපේ කොමර්ස් පන්තියෙ ඉන්නේ බන් උඹ බබා උඹලාගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර ඉන්න කෙල්ල ගැන උඹ දන්නේ නෑ"
" අපෝ අර ආඩම්බරකාර පන්ඩිත කෙල්ල මේඛලාද මකලද මොකක්ද එකීද"
"ඒ ඒ ඉතින් කැත සීන් එපා බන් ඒකි උඹට වැටෙන්නෙ නෑ කියලා නිකන් ඒකිට කතා හදන්න එපා බන්"
" හරි සඳරු පුතේ උඹට දැන් මොකක්ද වෙන්න ඕනි කියපන්"
'නෑ මේකයි මචන් එදා මම උඹලාගෙ ගෙදර ආපු වෙලේ දැක්කා ඒකිව මාර ලස්සනක් බන් තියෙන්නේ උදව්වක් දියන්කො බන් "
" අපෝ ජනාධිපතිගෙ දුව එක්ක යාළු වෙන්න උනත් උඹට සප් එක දෙන්නම් හැබැයි අර යක්ෂ අම්මන්ඩිගෙ දුව එක්ක යාළු වෙන්න නම් නෝ සප් මගෙන්.ඕක මාට්ටු උනොත් එහෙම ගෑනි එයි මෝල්ගහ උස්සන් මගෙ පස්සෙන් අන්තිමට මම ගෙදර වසලා හමාරයි හා කියපන් බලන්න අපේ අම්මා මාව ගෙදරින් එලෙව්වොත් උඹ මාව උඹලාගෙ ගෙදර තියාගන්නවදා නෑනේ, ඉතින් බන් මම මොකටද නිකන් ඉල්ලන් ටින්කිරි කන්නේ "
"හරි හරි උඹට බෑනේ මම තනියම ඒක ගොඩ දාගන්නම් අනික උඹ වගේ හිපාටුවෙක් හවුල් උනාම හරියන වැඩෙත් හරියන්නෙ නෑ. අන්න ටොක්කා එනවා මචන්" එහෙම කියලා අසංගයාගෙ බඩටත් පාරක් ගහගෙන ගිහින් පන්තියෙන් වාඩි උනේ අපේ බයෝ සර් ඈතින් එනවා දැක්ක නිසා.
සඳරු නැඟිටිනවා මොනාද තමුසෙ ඔච්චර කල්පනා කරන්නේ ම්ම්ම්ම්
"නෑ නෑ මේ සර්"
"නෑ නෑ මේ මේ ඔහොමම හිටගෙන ඉන්නවා උගන්නන වෙලාවල් වලට සිහින් ලෝක වල් ඉන්නවා මෙතන"
"හරිනෙ දැන් හිටගෙන ඉදපන් පීරියඩ් එකක්ම අර මකලාගේ සිහියෙන් හිටියා නම්"
"උඹ කට වහගෙන ඉඳපන් මම ආයෙ බොට කියන්නේ නෑ හරිද අසංග"
ඒ එක පීරියඩ් එක මට නිකන් මුළු දවසක් වගේ බෙල් එක ගැහුවට පස්සේ ටොක්කත් පන්තියෙන් ගියා හිටගෙන හිටිය පීරියඩ් එකේම ම්අම කල්පනා කලේ පස්ස ගහන්නෙ නැතිව
"මචං අසංග මම තීරණය කලා බන් මේඛලාට මගේ හිතේ තියෙන අදහස කියන්න්" කැන්ටිමට යන ගමන් මම අසංගයාට ඒක කිව්වම උගේ ඇස් දෙක නළලට ගියා.
"බොට පිස්සුද බන් "
"ඇයි ආදරේ කරන එක වරදක් බන් හා කියපන් උඹ ඉතින් සියලු මහප්‍රාණ දන්න එකානේ"
" හරි හරි ඒක ඇත්ත් ඒත් මොකො බන් හිටි ගමන් මේ ගහෙන් ගෙඩි එන්න වගේ"
"උඹට වැඩක් නෑනේ ඒ පන්ඩිතකම් උඹ මාත් එක්ක එනවද නැද්ද කියපන්"
"උඹලා වගේ එවුන්ට තමයි අපාය සහායක මිත්‍රයෝ කියන්නේ හරි හරි යමන් ඉතින් උඹ අහපන් මට නම් බෑ අහන්න"
" හරි හරි මම අහන්නම් උඹ නෙමෙයිනේ ඒකිට ලව් කරන්නේ මමනේ"
"අන්න එනවා උඹේ ප්‍රියම්භිකාව දැන් පලයන් ගිහින් අහපන්"
"සඳුනි පොඩ්ඩක් එනවද"
"ඇයි සඳරු"
"මේ මට ඔයාගෙ යාළුවා මේඛලාට පොඩ්ඩක් කතා කරන්න ඕනි"
"මේඛලාට ම්ම්ම්ම් මම එයාගෙන් අහලා බලන්නම්"
"අනේ ලොකු උදව්වක් සඳුනි"
"හා හා බට් ශුවර් කරන්න එපා හරිද"
"යෙස් දාපන් 5ක් වැඩේ හරිගියොත් ගොඩ මචං"
"ඒ මචං අන්න සඳුනි එනවා"
"ආ සඳුනි මොකෝ සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද"
"සුභයි සුභයි අන්න කතා කරමු කිව්වා හැබැයි විනාඩි 5යි දෙන්නෙ කිව්වා"
"හා හා තැන්ක්ස් කෙල්ලේ" එහෙම කියාගෙන මම හිමීට මේඛලා ඉන්න පැත්තට ගියා
"මේඛලා ඉතින් කොහොමද "
"හොඳයි සඳරු ඔයාට"
"හ්ම්ම්ම්ම්ම් මම නම් ඉතින් හොඳින් නෙමෙයි කෙනෙක් මගේ හිත හොරකම් කරගෙනනෙ"
" මොකක්ද"
"හ්ම්ම්ම්ම්ම් දන්නවද ඒ කවුද කියලා ඒ ඔයා"
"මොකක් මම"
"හ්ම් ඔයා මොකද කියන්නේ මේකලා ඔයාගෙ හිතත් මට දෙනවද"
"ඇයි මේඛලා කතා නැත්තේ"
" අනේ මන්දා සඳරු මට........."

Friday, September 30, 2011
Subscribe to:
Posts (Atom)