මාව බලාගන්න මගේ දුක අහන්න
මගේ ලඟින් ඉන්න මාත් එක්ක එකට දුක සැප බෙදා ගන්න
කෙනෙක් නෑ
කෑවද බිව්වද
නිදා ගත්තද ඔෆිස් ආවාද හොයන්න
කෙනෙක් නෑ
ඕක කරන්න එපා ඕක අඳින්න එපා
තනියෙන් යන්න එපා කියන්න
කෙනෙක් නෑ
ලෙඩ උනාම බෙහෙත් ගන්න වෙලාවට බෙහෙත් බොන්න
මම බඩගින්නේ ඉන්නකොට හිරවෙන්න
කෙනෙක් නෑ
ජීවත් වෙන්න නම් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන
නැත්තන් ජීවිතේ පාළු හිස් ගතියක් දැනෙනවා
එතකොට මම කොන් වෙලා වගේ
ජීවත් වෙන්නේ මොකටද , කාවෙනුවෙන්ද කියලා හිතනකොට
මාව පිච්චෙනවා






