Pages

Monday, June 13, 2011

අනේ මෙහෙමත් කෙල්ලෝ!!!!!



මට දැන්නම් හිතෙනවා ගොඩාකොල්ලෝ කෙල්ලන්ට බනින එක සාධාරණයි කියලා ඒ මොකද කිව්වොත් අද සහ මීට සති දෙකකට විතර කලින් වෙච්ච සිද්ධි දෙකක් නිසා මම මේ වගේ දෙයක් ගැන ලියලා තියෙන  පූසා මල්ලිගේ මේ පෝස්ට් එක කියවන කොට තමා මටත් මේ ගැන ලියන්න ඕනි කියලා හිතුනේ. දැන් මම සති දෙකකට විතර කලින් හවස වැඩ ඇරිලා ගෙදර යනකොට මම හිට ගෙන හිටපු තැන සීට් එකේ හිටියේ ගැණු ලමයෙකුයි ඒයාගේ ආදරවන්තයයි ඒ දෙන්නා හුඟාක් ආදරෙන් ඉන්නවා වගේ තමා අනිත් හැමෝටම පෙනුනේ ඒ උනාට අපිට ඒ දෙන්නා එහෙම ඉන්නවා දකින්න ලැබුනේ ටික වෙලාවයි හිටි ගමන් ඒ කෙල්ල අර පිරිමි ලමයගේ අත අතැරලා අහක බලා ගත්තා අපි ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ ඒත් හිටි ගමන් ඒ දෙන්නා අතරේ මේ දෙබස ඇති උනා

(අනුන්ගේ කතාවලට ඇහුම්කන් දෙන එකනම් කැත වැඩක් තමය් ;) )

ගැ: පඩි සල්ලි කීයක් ගත්තාද බැංකුවෙන්

පි : රු: 1000යි

ගැ : ඊයෙත් ගත්තා නේද රු : 1000ක් මෙහෙ දෙනවා ඔය කාඩ් එකයි රු : 1000


ඊට පස්සේ ඒ පිරිමි ලමයා කාඩ් එකයි සල්ලි දුන්නා පස්සේ ඒ පිරිමි ලමයානම් තලවතුගොඩින් බැහැලා ගියා කෙල්ල නෙමෙයි පැත්තවත් බැලුවේ ඒ ලමයා බස් එකෙන් බැහැලා ට්‍රැෆික් එකේ තිබ්බ බස් එක යනකල්ම බලන් හිටියා කෙල්ල නෙමෙයි පැත්ත බැලුවේ මම ඒත් හිතුවා මොනා උනත් හොඳ කෙල්ලෙක්නේ කොල්ලා සල්ලි නාස්ති කරන නතර කරන්නනේ ඒක කලේ කියලා


ඊට පස්සේ තමා හොඳම සීන් එක උනේ බස් එක ගමනාන්තයෙන්ම මම බහින නිසා මේක මමත් දැක්කේ මම මේ කිව්ව ගැනු ලමයා මගේ ඉස්සරහින් බස් එකෙන් බැස්සේ බැහැලා ඊට ටිකක් එහායින් හිටපු වෙන පිරිමි ළමයෙක්ගේ අතේ එල්ලීගෙන ආදරෙන් ගියා ඒක දැකපු මට අනේ අපොයි කියලා නිකන්ම කියවුනේ අර කලින් හිටපු පිරිමි ලමයාගැන මතක් වෙලා අනේ මන්දා අහිංසක කොල්ලන්ට කෙල්ලො මෙහෙම කරන්නේ ඇයි දන්නේ නෑ


ඒ එකක් අනිත් එක මාත් එක්ක සමීපයෙන්ම ඉන්න මගේ මල්ලි කෙනෙක්ට උන එකක් ඒ මල්ලි වැඩ කරන්නෙත් මම වැඩ කරන ඔෆිස් එකේමයි එයාට අපේ ෆැක්ට්‍රි එකේ වැඩ කරන ගැනු ලමයෙකුට හිත ගිහින් මිනිහා ඉතින් ලැජ්ජකාරයා නිසා ඒක ඒ කෙල්ලගෙන් අහන්න ගියේ නෑ පස්සේ ඒකෙල්ලම අපිට අවුරුදු නිවාඩුව දෙන දවසේ එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන තිබ්බා අවුරුදු නිවාඩුව අතරතුර දෙන්න ගොඩාක් දේවල් කතා කරලා ඒ මල්ලි ඉතින් මගේ නගාගේ යාලුවෙකුත් වෙන නිසා මම අපේ ඔෆිස් එකට දාලා දුන්න නිසාත් මා එක්ක හැමදේම වගේ කියනවා ඔය අතරේ මෙයා ඒ කෙල්ලගෙන් අහලා තියෙනවා ඔයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා කෙල්ල එආකට ඔව් කියලා ඒත් ඒ ලමයා මල්ලිට කතා කරන එක නතර කලේ නෑ
 ඒ කතාව ඇහුවාමනම් මම කිව්වේ ඔය වැඩේ නතර කරන්න කියලා මොකද කොහොමත් ඒ දෙන්න ගැලපෙන දෙන්නෙක් නෙමෙයි ඒ ගර්ල් ටැමිල් අනික මෙයාගේ තියෙන පවුල් පසුබිමත් එක්ක ඒ දෙන්නා කොහොමත් ගැලපෙන්නේ නෑ ( මේක මට හිතුන දේ කොයි තරම් දුරට මේක හරිද දන්නේ නෑ) මේ මල්ලි ඉතින් හැමදාම ලන්ච් ටයිම් එකට තමා ඒ ලමයාව බලන්නේ ඒක දවසක් එයාලා ලන්ච් අරන් යන ගමන් මේ ගර්ල් ෆැක්ට්‍රි එකේම වැඩ කරන වෙන පිරි මුකුළු කර කර කියව කියව ගියා ඒක දැකපු දවසෙත් මම ඒ මල්ලිට කිව්වේ ඔය මගුල අත අරිනවා හලෝ කියලා ඒත් මේ කොල්ලා නෙමෙයි ඒක අත ඇරියේ   දවස් ගානකින් අරංචියක් නැති නිසා මේ ලමයා කෙල්ලට කෝල් කරනකොට ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ ලු කොල්ලා දැන් හරියට කන්නේ බොන්නෙත් නෑ ඒ කෙල්ල වැඩට එන්නෙත් නෑ දැන් ටිකකට කලින් ඒ කෙල්ල වැඩ කරන සෙක්ශන් එකේ අක්කා කෙනෙක් ඇවිත් මට කිව්වා අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක පැනලා ගීහින් කියලා අනේ අපොයි මෙහේ කොල්ලො දෙන්නටම හුලන් දෙන්නම අහින්සක කොල්ලො මම තාම මල්ලිට මේක ගැන කිව්වේ නෑ කිව්වොත් මිනිහා මොනා කර ගනීවිද දන්නේ නෑ

මේ මම දන්න සිද්ධි දෙකක් විතරයි මේ වගේ එවා තව කොච්චර සිද්ධ වෙනවා ඇතිද


අනේ අපොයි මෙහෙමත් කෙල්ලො !!!  මෙහෙම කට්ටියට මොකක්ද දෙන්න ඕනි දඬුවම කියන්නකො බලන්න



ප.ලි : මෙහෙම කෙල්ලො නිසා තමා අවංක කෙල්ලන් ගැනත් කොල්ලො අවිශ්වාස කරන්නේ.

24 comments:

  1. දවසට එක ගානේ කොල්ලෝ මාරු කරන්න වරයක් ලබා දෙන්න ඕනේ... :s

    ReplyDelete
  2. 100% ඇත්ත......මේ නිසා තමා කොල්ලෝ අපිව බයිට් කරන්න තියාගන්නේ

    ReplyDelete
  3. :S
    අපෝයි පව්

    ReplyDelete
  4. කෙල්ලෙක් කොල්ලෙක්ව දාලා ගියාම සෑහෙන කලක් යනකම් ඒ කොල්ලා හිත් වේදනාවෙන් ඉන්නත්, කොල්ලෙක් කෙල්ලෙක්ව දාලා ගියාම ඒ කෙල්ල එච්චරම කාලයක් දුක් නොවී ඉන්නත් එහෙමත් නැත්තම් ඉක්මනටම වෙන කොල්ලෙක් එක්ක එක්ක යාළු වෙන්නත් හේතුව බොහොම අපූරුවට ජීව විද්‍යාත්මකව පැහැදිලි කරපු කමෙන්ට් එකක් මම කොහේදි හරි කියෙව්වා. මට මතක විදිහට ඒ කමෙන්ට් එක දාලා තිබ්බේ ටැබූ ද කොහෙද. ඉතිං එදා ඉඳන් මම මේවගේ දේවල් වලට කියන්නේ
    අපෝ ඕවා සාමාන්‍ය දේවල්! කියලයි

    ReplyDelete
  5. මම නම් බොහෝදුරට මධ්‍යස්ථව හිතන්නේ. කොල්ලොත් ඔය වගේ වැඩ කරන්නැත්තෙ නෑ. වැරදි කරන එවුන් කොල්ලොද කෙල්ලොද කියලා බේදයක් නෑ, වැරදි කරනවා.
    කොහොම උනත් මටත් ලඟදී ඔය වගේ සිද්ධියක් විඳින්න ලැබුනා. මගේ මිතුරන් දෙදෙනෙක් හිටියා අපිත් එක්කම විශ්වවිද්‍යාලෙදි අවුරුදු 3ක් යාලුවෙලා හිටියා. අවුට් උනාට පස්සේ අපේ මිතුරිය එයාගෙ සේවාස්ථානයේ තව කොල්ලෙක් සමගත් සම්බන්ධතාවයක් පටං අරන් තිබුනා. මේක මගේ මිතුරගේ අතට මාට්ටු වුනේ නැත්නම් තවත් කල් මේ වංචාව කෙරෙන්න තිබුනා. දෙන්නම මගේ ඉතා කිට්ටු මිතුරන් නිසා මම මහත් අපහසුතාවයකට ලක් වෙලයි ඉන්නේ.

    ReplyDelete
  6. ඉන්දරේ සහෝ ගේ මතය ගොඩාක් දුරට නිවැරදියි. කියලා මටත් හිතෙනවා.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය තුළම මේ වගේ දේවල් සිද්ධ වෙනවා....කොහොම වුණත් කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම පරිස්සම් වෙන්න ඕනේ..

    ReplyDelete
  7. ශානු ගොඩක් අවංකව දාපු පෝස්ට් එකක් !! මගේ ජීවිත කාලෙදි ඔය ජාතියේ කෙල්ලන්වයි, කොල්ලන්වයි දෙගොල්ලන්වම හම්බවෙලා තියෙනවා. ඒකාලේ ඒවගේ කරපු කිසි කෙනෙක් අද වෙනකොට හොඳ ප්වුල් ජීවිත ගත කරන්නෙ නෑ.....! තමන් වපුරන දේවල් තමයි අන්තිමට අස්වැන්න විදිහට නෙලාගන්න වෙන්නෙ...!

    ReplyDelete
  8. පව් දෙයියනේ අර බස් එකේ හිටපු කොල්ල :ඩි වැරදි කරනකොටනම් ඉතින් කොල්ලෝ කෙල්ලෝ කියල බේදයක් නැ, ඔක්කොම එකයි

    ReplyDelete
  9. ඔය ව‍ගේ අය ‍මේ ඉන්න අපි අපි අතරත් ඉන්නවා අක්කා......

    ReplyDelete
  10. අයියෝ මෙව්වා කියවද්දි මටත් ලියන්න හිතෙනවා අප්පා, කියන්න කතා ගොඩයි කෝ ඉතින් වෙලාවක්. මේ ඔක්කොම ලියන්න බෑ නේ. කොහොම උනත් දෙගොල්ලොම එකයි. හැමෝමාතින් වැරදි වෙනවා කරනවා. ලෝකේ හැටි, ලගදිම එහෙම සීරිස් එකක් පටන් ගන්න ඕනේ.

    ReplyDelete
  11. අනේ මෙහෙමත් කෙල්ලෝ....
    චික්...ජුගුප්සාජනකයි

    ReplyDelete
  12. කතාව නම් ඇත්ත යාලු. සීයට සීයක්ම නොඋනත් බහුතරය ඔය වගේ තමයි. උබට වගේම අඔඉ හැමෝටම ඔය වගෙ අත්දැකීම් තියෙනවා මචන්....

    ReplyDelete
  13. කතාව කෙල්ලෙක්ම කිව්ව හින්ද හොඳය්

    ReplyDelete
  14. නංගි උඹ මගේ කට අවුස්ස ගන්න එපා.... කෙල්ලෝ අතරින් 95%ක්ම හොර වංචාකාර, දත් ගලවන්න උපන්.... (තව අකුරු දෙකේ වචනයක් තියෙනවා ඒක ලියන්න බෑ...)කෙල්ලෝ. අත්දැකීමෙන් කියන්නේ....

    දැන් ඉතිං මගේ අහිංසක යශෝධරාව එහෙම ගාවගන්න එපා 95% ගොඩට. ඒකි මගේ වාසනාවවට 5% ගොඩට අයිතියි.

    ReplyDelete
  15. හනේ හෆොයිzzzzzzzzzzzz :j

    ReplyDelete
  16. කෙල්ලො විතරක් නෙවේ. කොල්ලොත් ඔහොම තමයි. මම කියන්නේ හැමෝම එහෙමයි කියලා නෙවේ. මමත් ඔය වගේ ගොඩක් දේවල් දැකලා තියනවා. ඒ කිසිම කෙනෙක් අද වෙනකල් සාර්තක වෙලා නෑ. වෙන්නෙත් නෑ මම හිතන්නේ. දඩුවම් කරන්න ඕනේ නෑ. ජිවිත කාලේ පුරාම විදවනවා. ඒකම ඇති.

    ReplyDelete
  17. Mehema ewa koi taram nam dekala athda?
    godak welawata kolla bus ekata kella nanwala behala yanawa.kella bus eken behala yanne wena ekek ekka. bt hamoma nemei . 15% wage ohoma weda karana ayama tamai inne.

    ReplyDelete
  18. කියන්න බැරි වුන දෙයක් කියල යන්නයි ආවේ. ඇත්ත ඔයවගේ කොල්ලොත් ඉන්නවා. ඒත් මේ වගේ ලිපි බහුතරයක් තියෙන්නේ කෙල්ලෝ ගැනමයි. ඒකටත් හේතුව ඔය මම උඩින් දාලා තියන කමෙන්ට් එකේ ලියලා තියන එකම වෙන්න පුළුවන්.

    ඔය shanu අක්කා මගේ පෝස්ට් එකට ලින්ක් එකක් දාලා තියෙන්නේ ඒ පෝස්ට් එකේ කමෙන්ට්ස් කියෙව්වොත් තව ඔය ව්අගේ කතා ගොඩාක් දැක ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  19. මෙහෙම කෙල්ලෝ විතරක් නෙමෙයි මෙහෙම කොල්ලොත් ඕන තරම් ඉන්නවා.

    අනිත් එක මම හිතන විදියට කොල්ලෙක් උනහම කෙල්ල කියන දේවල් ඕනවට වඩා අහන්න යන එකෙන් තමයි ඔය වගේ දේවල් වෙන්නේ
    මොකද කෙල්ලෝ හොයන්නේ තමන්ට ආරක්ෂකයෙකු , තමන්ව බලා ගන්න කෙනෙක් මිසක් පොඩි ළමයෙක්ව නෙමෙයිනේ ?

    මේක මගේ අදහස , මේක කොපමණ දුරට හරිද වැරදිද කියල අපේ අක්කල නංගිලා තීරණය කරන්න ඕනේ :)

    ReplyDelete
  20. හාවි ++++++++++++++

    දුමී +++++++++++++

    අතුදැකීම් සහිතය.....

    ReplyDelete
  21. හ්ම්ම් මේකෙ දෙපැත්තම තියෙනවා. කොල්ලන්ද මෙයම කරති

    ReplyDelete
  22. ඇත්ත තමයි ශානු..අපි කවුරු කොහොම කියාගෙන රණ්ඩු වුණත් කෙල්ලො කොල්ලො දෙගොල්ලන්ගෙම ඉන්නවා ඔය වගේ හිතක් පපුවක් නැති රූකඩ වගේ ගෑනූ මිනිස්සු... තාවකාලික සතුට වාසිය පතාගෙන අනික් අයගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන තිරිසන් ආත්ම...මේ පෝස්ට් එක කියවලා ඇත්තටම හරිම කලකිරීමක් දැනුනා... :(

    ReplyDelete
  23. අනේ කාලේ වනේ වාසේ කිව්වාලු. ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරමුද අයියා ???

    ReplyDelete