Pages

Friday, August 19, 2011

මා ලඟ ඔබ සිටීවිද?



                              
                                         ජීවිතේ අතර මැද ම්ඟ නැවතුමක
                                     අප දෙදෙනා සිටි බවක්‌ මතක ඇත
                                           ඉතිරි කර සෙනෙහසක මුදු සුවඳ
                                     සිහින මල් පරවේය සිත තුලම


                                       තාරකා නිවී ගිය වෙලාවක 
                                              සඳ නුබට තනිකමක්‌ දැනේවිද ?
                                     හුදෙකලා මේ ගමන නිමාවන දින
                                               මා ලඟ ඔබ සිටීවිද?

Monday, August 8, 2011

මගෙ කවිය ඔබ වෙන්න

අඳුරු රැය බබලන්න
සිත් අහස එලි වෙන්න
මගෙ සිත නැලවෙන්න
තව ටිකක් හිනහෙන්න


තොඳොස් බස් තෙපලන්න
තව ටිකක් ලං වෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පූදින්න


සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගෙ කවිය ඔබ වෙන්න




ප/ලි කාලෙකට පෙර මගේ පරණ ෆේස් බුක් එකවුන්ට් එකේ නිර්මානය කරලා අප්ලෝඩ් කරපු කවියක් පහලින් තියෙන්නේ ඒ නිර්මානය

 

Monday, June 13, 2011

අනේ මෙහෙමත් කෙල්ලෝ!!!!!



මට දැන්නම් හිතෙනවා ගොඩාකොල්ලෝ කෙල්ලන්ට බනින එක සාධාරණයි කියලා ඒ මොකද කිව්වොත් අද සහ මීට සති දෙකකට විතර කලින් වෙච්ච සිද්ධි දෙකක් නිසා මම මේ වගේ දෙයක් ගැන ලියලා තියෙන  පූසා මල්ලිගේ මේ පෝස්ට් එක කියවන කොට තමා මටත් මේ ගැන ලියන්න ඕනි කියලා හිතුනේ. දැන් මම සති දෙකකට විතර කලින් හවස වැඩ ඇරිලා ගෙදර යනකොට මම හිට ගෙන හිටපු තැන සීට් එකේ හිටියේ ගැණු ලමයෙකුයි ඒයාගේ ආදරවන්තයයි ඒ දෙන්නා හුඟාක් ආදරෙන් ඉන්නවා වගේ තමා අනිත් හැමෝටම පෙනුනේ ඒ උනාට අපිට ඒ දෙන්නා එහෙම ඉන්නවා දකින්න ලැබුනේ ටික වෙලාවයි හිටි ගමන් ඒ කෙල්ල අර පිරිමි ලමයගේ අත අතැරලා අහක බලා ගත්තා අපි ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ ඒත් හිටි ගමන් ඒ දෙන්නා අතරේ මේ දෙබස ඇති උනා

(අනුන්ගේ කතාවලට ඇහුම්කන් දෙන එකනම් කැත වැඩක් තමය් ;) )

ගැ: පඩි සල්ලි කීයක් ගත්තාද බැංකුවෙන්

පි : රු: 1000යි

ගැ : ඊයෙත් ගත්තා නේද රු : 1000ක් මෙහෙ දෙනවා ඔය කාඩ් එකයි රු : 1000


ඊට පස්සේ ඒ පිරිමි ලමයා කාඩ් එකයි සල්ලි දුන්නා පස්සේ ඒ පිරිමි ලමයානම් තලවතුගොඩින් බැහැලා ගියා කෙල්ල නෙමෙයි පැත්තවත් බැලුවේ ඒ ලමයා බස් එකෙන් බැහැලා ට්‍රැෆික් එකේ තිබ්බ බස් එක යනකල්ම බලන් හිටියා කෙල්ල නෙමෙයි පැත්ත බැලුවේ මම ඒත් හිතුවා මොනා උනත් හොඳ කෙල්ලෙක්නේ කොල්ලා සල්ලි නාස්ති කරන නතර කරන්නනේ ඒක කලේ කියලා


ඊට පස්සේ තමා හොඳම සීන් එක උනේ බස් එක ගමනාන්තයෙන්ම මම බහින නිසා මේක මමත් දැක්කේ මම මේ කිව්ව ගැනු ලමයා මගේ ඉස්සරහින් බස් එකෙන් බැස්සේ බැහැලා ඊට ටිකක් එහායින් හිටපු වෙන පිරිමි ළමයෙක්ගේ අතේ එල්ලීගෙන ආදරෙන් ගියා ඒක දැකපු මට අනේ අපොයි කියලා නිකන්ම කියවුනේ අර කලින් හිටපු පිරිමි ලමයාගැන මතක් වෙලා අනේ මන්දා අහිංසක කොල්ලන්ට කෙල්ලො මෙහෙම කරන්නේ ඇයි දන්නේ නෑ


ඒ එකක් අනිත් එක මාත් එක්ක සමීපයෙන්ම ඉන්න මගේ මල්ලි කෙනෙක්ට උන එකක් ඒ මල්ලි වැඩ කරන්නෙත් මම වැඩ කරන ඔෆිස් එකේමයි එයාට අපේ ෆැක්ට්‍රි එකේ වැඩ කරන ගැනු ලමයෙකුට හිත ගිහින් මිනිහා ඉතින් ලැජ්ජකාරයා නිසා ඒක ඒ කෙල්ලගෙන් අහන්න ගියේ නෑ පස්සේ ඒකෙල්ලම අපිට අවුරුදු නිවාඩුව දෙන දවසේ එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන තිබ්බා අවුරුදු නිවාඩුව අතරතුර දෙන්න ගොඩාක් දේවල් කතා කරලා ඒ මල්ලි ඉතින් මගේ නගාගේ යාලුවෙකුත් වෙන නිසා මම අපේ ඔෆිස් එකට දාලා දුන්න නිසාත් මා එක්ක හැමදේම වගේ කියනවා ඔය අතරේ මෙයා ඒ කෙල්ලගෙන් අහලා තියෙනවා ඔයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා කෙල්ල එආකට ඔව් කියලා ඒත් ඒ ලමයා මල්ලිට කතා කරන එක නතර කලේ නෑ
 ඒ කතාව ඇහුවාමනම් මම කිව්වේ ඔය වැඩේ නතර කරන්න කියලා මොකද කොහොමත් ඒ දෙන්න ගැලපෙන දෙන්නෙක් නෙමෙයි ඒ ගර්ල් ටැමිල් අනික මෙයාගේ තියෙන පවුල් පසුබිමත් එක්ක ඒ දෙන්නා කොහොමත් ගැලපෙන්නේ නෑ ( මේක මට හිතුන දේ කොයි තරම් දුරට මේක හරිද දන්නේ නෑ) මේ මල්ලි ඉතින් හැමදාම ලන්ච් ටයිම් එකට තමා ඒ ලමයාව බලන්නේ ඒක දවසක් එයාලා ලන්ච් අරන් යන ගමන් මේ ගර්ල් ෆැක්ට්‍රි එකේම වැඩ කරන වෙන පිරි මුකුළු කර කර කියව කියව ගියා ඒක දැකපු දවසෙත් මම ඒ මල්ලිට කිව්වේ ඔය මගුල අත අරිනවා හලෝ කියලා ඒත් මේ කොල්ලා නෙමෙයි ඒක අත ඇරියේ   දවස් ගානකින් අරංචියක් නැති නිසා මේ ලමයා කෙල්ලට කෝල් කරනකොට ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ ලු කොල්ලා දැන් හරියට කන්නේ බොන්නෙත් නෑ ඒ කෙල්ල වැඩට එන්නෙත් නෑ දැන් ටිකකට කලින් ඒ කෙල්ල වැඩ කරන සෙක්ශන් එකේ අක්කා කෙනෙක් ඇවිත් මට කිව්වා අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක පැනලා ගීහින් කියලා අනේ අපොයි මෙහේ කොල්ලො දෙන්නටම හුලන් දෙන්නම අහින්සක කොල්ලො මම තාම මල්ලිට මේක ගැන කිව්වේ නෑ කිව්වොත් මිනිහා මොනා කර ගනීවිද දන්නේ නෑ

මේ මම දන්න සිද්ධි දෙකක් විතරයි මේ වගේ එවා තව කොච්චර සිද්ධ වෙනවා ඇතිද


අනේ අපොයි මෙහෙමත් කෙල්ලො !!!  මෙහෙම කට්ටියට මොකක්ද දෙන්න ඕනි දඬුවම කියන්නකො බලන්න



ප.ලි : මෙහෙම කෙල්ලො නිසා තමා අවංක කෙල්ලන් ගැනත් කොල්ලො අවිශ්වාස කරන්නේ.

Thursday, May 19, 2011

අකල් වියෝවක සිත් තැවුල ; දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!!

                                                  උපුටා ගැනීම මීදුම් අරණ බ්ලොග් අඩවියෙන්)
                                             

පහුගිය ටිකේ වෙසක් බලලා පිස්සු නට නට ඉඳලා සතුටින් ඉන්නකොට  ඇහුන අසුන්දරම ආරංචිය මාව මහ පාරෙම හිටි තැන නතර කළා

උදේ පාන්දර වැඩට යන්න  ලේස්ති පාරේ එනකොට සුදු හංසි අක්කාගෙන් කෝල් එකක් ආවා මූසල ආරංචියකුත් එක්ක කවදාවත් අක්කා උදේම කතා නොකරන නිසා මම ඒත් බැලුවා ඇයි මේ කියලා කෝකටත් කියලා මම ෆෝන් එක ගත්තා නංගා දිලුම් අයියා නැති වෙලා ඊයේ රෑ 11ට විතර මට ඒ වචන ටිකෙන් ඇහුනේ අන්තිමට කිව්ව ටික විතරයි මම ආයෙම ඇහුවා අක්කා මොකක්ද කිව්වේ ඉයලා දෙවනි පාර කිව්වම තමා මට ඇහුනේ මාව එක පාරටම නතර උනා  අර සෝරෝ අයියා කිව්වා වගේ මටත් මගේ යාළුවන්ගෙන් කිසිම කෙනෙකුට මේ වගේ සිද්ධියක් සිද්ධ වෙලා නැ ඒනිසා මේක ටිකක් දරා ගන්න බැරි උනා

මට දිළුම් අයියව මුලින්ම හමු වුනම සයිබර් සිහින සැනකෙළිය දවසේ එදා මම එයා එක්ක වචනයක්වත් කතා කලේ නැත්තේ මට දුක වැඩි නිසා මම එක දවසක් බ්ස් එකක් දැම්මම " ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා " කියලා මගෙන් අහනව හෑ මම නෑ මම එහෙම කළේ නෑනේ කියලා ඒවා මතක් වෙනකොට තවත් දුකයි මතකද එදා එයා කිව්වා මගේ නම තියෙන මේ සින්දුව මට අහන්න විදිහක් නෑ කවුරු හරි මේකෙ වචන ටික දාන්න කියලා.

ඔයාගේ කන් දෙකේ ප්‍රශ්නේ වෙලාවේ හැමෝම එකතු උනා ඒ අපිට අංග සම්පූර්ණ යාලුවෙක්ව ඕනි නිසා දැන් අපිට කොහොමත්ම යාලුවෙක් නෑ

ඔයා ආයේ අපි අතරෙම ඉපදේවා දිලුම් අයියේ 


ඔබට නිවන් සුව!!!!!!!!!

බුද්ධි අයියා එදා අවුරුදු උත්සවේදි ගත්ත මේ පින්තූරේ වචනෙන් කියන්න බැරි හුඟක් දේවල් තියෙනවා



Saturday, May 14, 2011

පාඩම් නොකර A/L කරන්න පුලුවන්ද?



මම මේ පෝස්ට් එක ලියන්න කියලා හිතුවේ මගේ සිහින විජිතය..... ලියන චතූ මල්ලිගේ  A/L  අනාගන්නෙ නැතුව කරන හැටි...නො 2 කියන පෝස්ට් එක දැක්කාට පස්සේ එයා මේකේ කියලා තියෙනවා  A/L පාස් වෙන්න බෑලු පාඩම් නොකර, පසුගිය විභාග ප්‍රශ්න පත්තර නොකර මම නම් ඒ කතාව පිළිගන්නේ නෑ මොකද මම  A/L පාස් උනේ කිසිම දෙයක් පාඩම් නොකර හැබැයි මම එක දෙයක්නම් කලා ක්ලාස් ගියාම එදා කියලා දෙන දේ හොඳට සාවදානව අහන් ඉඳලා මතක තියා ගත්තා විතරයි

සමහරු දැන් හිතනවා ඇති මම පන්ඩිත කමට බොරු කියනවා කියලා ඒත් මේක් තමා ඇත්ත අනික මට පාඩම් කරන්න තරම් හොඳ සිටුවේශන් එකක් අපේ ගෙදර තිබ්බේ නෑ මොකද මම උසස් පෙළ පන්තියට ඇතුලත් වෙලාටික දවසක් යද්දි මගේ තාත්තා ලෙඩ උනා පස්සෙයි අපි දැන ගත්තේ එයාට පිළිකාවක් කියල 2005 ඉඳලා මම උසස් පෙළ කරන්න මාසයක් වෙනකම් ම අපි කලේ එයා එක්ක පිළිකා රෝහලේ ඔට්ටු උන එක  හරියටම මගේ විභාගයට මාසෙකට කලින් මගේ තාත්තා අපිව දාලා ගියා මරණේ වැඩ කටයුතු ඉවර උනාට පස්සේ අපේ අම්මාගේ ගෙදර කට්ටිය සති තුනක් විතර යනකල් අපෙ ගෙදර හිටියෙ අපි 3දෙනාව තනියම දාල යන්න බැරි නිස

මගේනම් අදහස උනේම විභාගේ ඊලඟ පාර කරන්න කියලා ඒ උනාටහැමෝමගෙම බලකිරිම මත මම ඒ අවුරුද්දේ විභාගේ කලා අනේ මන්දා පාස් වෙයි කියලා හිතකවත් තිබ්බේ නෑ රිසල්ට් ආව දවසේ අම්මා කැෆේ එකෙන් රිසල්ට් බලලා කිව්වම මේකයි කියලා රිසල්ට් කියලා මට හිතා ගන්න බැරි උනා ඒකෙන් මම එකක් තේරුම් ගත්තා එදිනෙදා ඉස්කෝලේ , ක්ලාස් වල කියන දේවල් හරියට අහන් ඉන්නවනම් විභාග වලට පාඩම් කරන්න ඕනි නෑ කියන එක

ප.ලි: මම මේ ක්‍රමය අත්හදා බලලා සාර්ථක ප්‍රතිපල තියෙන නිසා කියන්නේ නංගිලා මල්ලිලා මේක කරන්න ගිහින් වැඩ වැරදුනොත් මගේ ඇඟට ගොඩ වෙන්නනම් එපා ඔන්න

Wednesday, May 11, 2011

දොල දුක හැදුන අපේ ගෝල්ඩ් ෆිශ්


අදනම් මම මේ පොඩි මඩක් ගහන්න යන්නේ අපේ බ්ලොග් අවකාශෙ කෙනෙක්ට එයා තමයඉ අපි කවුරුත් හඳුනන අපේ මාලුව නොහොත් ගෝල්ඩ් ෆිශ් අයියාට ඔන්න මම ඊයේ වැඩ ඇරිලා යද්දි මිනිහට කෝල් එකක් දුන්නා

මම: හලෝ මාලු අයියේ කොහොමද

ගෝල්ඩ් ෆිශ්: හොඳයි නංගියෝ ඔයා ඔය කොහෙද ඉන්නේ?

මම : මේ වැඩ ඇරිලා යනගමන් මේ ඒක නෙමෙයි දිලුම් අයියට ආයෙම අසනීප වෙලාලු දැන් අයි .සී.යූ එකේලු ඉන්නේ

ගෝල්ඩ් ෆිශ්: ඕ...... කවුද දැණ් ඒක ඔයාට කිව්වේ

මම : අද හවස සුදු අක්කා බලන්න ගිහින් එයා තමා කිව්වේ

ගෝල්ඩ් ෆිශ්: මේ එහෙනම් ලබන ඉරිදා විතර බලන්න යමුද ඔයත් එන්න ජේඩී එක්ක

මම :  මට යන්න වෙන්නේ නෑ හලේ මට ක්ලාස් බලමුකෝ මොනා හරි කරන්න මේ ඒක නෙමෙයි  කොහෙද දැන් ඉන්නේ ඔය මෝඩ මාලුවා

ගෝල්ඩ් ෆිශ් : මම ඉතින් උඹට කියන්නේ නෑ කවුද මෝඩ කියලා මම මේ මල්ලි කෙනෙක් එක්ක ජම්බු හොයන්න යනවා බන්

මම : අඩේ මටත් ජම්බු ටිකක් එවනවකෝ අපේ ගෙවල් ලඟ අක්කා කෙනෙක්ට දෙන්න ඕනි

ගෝල්ඩ් ෆිශ් :හිටපන් මම හෙට ෆැක්ස් කරන්නම්

මම : අනේ තිය ගන්නව පන්ඩිතයෝ මා ගාව බෑග් එකක්ම තියෙනවා අද රෑට ගෙදර ගිහින් කනවා

ගෝල්ඩ් ෆිශ් :අනේ බන් මටත් ටිකක් දියන්කෝ

මම : එහෙනම් මම හෙට ෆැක්ස් කරන්නම්

ගෝල්ඩ් ෆිශ් : අනේ තියා ගනින් මොනාද බන් නංගියේ එවහන්කෝ

මම: ඇයි දොලදුක හිටුකො මම හෙට පෝස්ට් එකක් ලියන්නම් දොල දුක හැදුන අපේ ගෝල්ඩ් ෆිශ් කියලා

ගෝල්ඩ් ෆිශ් :උඹට මම කිව්වයි කියල හිතා ගනින් හරිද අනේ බුදු නංගියේ පෝස්ට් එකක් නම් දාන්න එපා

මම : නෑ නෑ හිටුකො ඊයෙ මට කරපු වැඩේට මම දෙන්නම් රිටන් එක

ගෝල්ඩ් ෆිශ් :ඕන මගුලක් කරපිය මම තියනවා දිලුම් බලන්න යනවා නම් කියන්න බායි.

මම  : ඕකේ බායි

මේ තියෙන්නෙ මිනිහා අද උදෙත් මට වැන්ද වැඳිල්ලට සාක්ෂි


ප.ලි: මාලු ලාලු මා එක්ක තරහා නෑ නේද අපි ඉතින් හොඳ ලාලුවෝනේ ;)

Monday, May 2, 2011

සමාවෙන්න මට......

හදවතට වාවනු බැරි තරමට
පෙම්කලාට..
අහසක් තරම් උසට
සහසක් පැතුම් මල්
ගෙතුවාට..
මගෙ හිතට 
දඩුවම් දෙන්නෙපා දෙවියනේ
මේ තරමට..
ආදරයක් මෙලෙසින් 
අයදින්නේ නෑ ආයේනම්
කවදාවත්ම...
රිදුණු හිත පෑරුණු හද
නිවාලනු පිණිස 
සමාවෙන්න මට.........