Pages

Friday, August 26, 2011

නුඹ, මම හා ප්‍රේමය




සිත්තමකි ඔබේ රුව
මගේ නෙත වශී කළ............
තනුවක්ය ඔබේ හඬ
දෙසවනේ රැව් දුන්න.........
පහන් සිළුවක්ය නුඹ
මගේ සිත පහන් කළ..............
මතක කවියක්ය නුඹ
පිනිබිඳුව බොඳව ගිය............ :(( :(( :(( :(( :((

Friday, August 19, 2011

මා ලඟ ඔබ සිටීවිද?



                              
                                         ජීවිතේ අතර මැද ම්ඟ නැවතුමක
                                     අප දෙදෙනා සිටි බවක්‌ මතක ඇත
                                           ඉතිරි කර සෙනෙහසක මුදු සුවඳ
                                     සිහින මල් පරවේය සිත තුලම


                                       තාරකා නිවී ගිය වෙලාවක 
                                              සඳ නුබට තනිකමක්‌ දැනේවිද ?
                                     හුදෙකලා මේ ගමන නිමාවන දින
                                               මා ලඟ ඔබ සිටීවිද?

Monday, August 8, 2011

මගෙ කවිය ඔබ වෙන්න

අඳුරු රැය බබලන්න
සිත් අහස එලි වෙන්න
මගෙ සිත නැලවෙන්න
තව ටිකක් හිනහෙන්න


තොඳොස් බස් තෙපලන්න
තව ටිකක් ලං වෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පූදින්න


සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගෙ කවිය ඔබ වෙන්න




ප/ලි කාලෙකට පෙර මගේ පරණ ෆේස් බුක් එකවුන්ට් එකේ නිර්මානය කරලා අප්ලෝඩ් කරපු කවියක් පහලින් තියෙන්නේ ඒ නිර්මානය