Pages

Thursday, November 3, 2011

දේදුන්නේ සත් පාට හංඟලා........






හැමදාම එක එක විකාර කියලා පෝස්ට් එකක් දානවනේ ඒ නිසා අද මම ලස්සන සින්දුවක් අරන් ආවා ගෑනු ළමයෙක් එයාගෙ පෙම්වතාට ආදරේ කරන්නේ කොහොමද කියන එක තමා මේ සින්දුවෙන් කියවෙන්නේ
 

දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි..
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්..

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්.....
ගායනය : නිරෝෂා විරාජිනී
ඩවුන් ලෝඩ් කර ගන්න ඕන නම්මෙතනට යන්න
 ප/ලි : මගේ බ්ලොග් බබාගෙ ඇඳුම වෙනස් කළා හොඳද කියලත් කියන්නකො

7 comments:

  1. ලස්සන සිංදුවක් නිරෝෂ නේද කියන්නේ?
    අලුත් ඇදුම ත් හොදයි....

    ReplyDelete
  2. තැංකිවු අයියේ ඔව් නිරෝෂා කියන්නේ බ්ලොග් එකේ බරත් අඩු කරලා ඇඳුමත් වෙනස් කළා

    ReplyDelete
  3. දැන් නම් බ්ලොග් එක ඉක්මනින් ලොර්ඩ් වෙනව.

    ReplyDelete
  4. ගොඩක් දවසකින්නේ මේ පෝස්ට් එකක් දාලා තියෙන්නේ... මොකෝ ඒ??

    සින්දුවනම් ලස්සනයි.. අළුත් පෙනුමත් නරකම නෑ..

    ReplyDelete
  5. මේ ටෙම්ප්ලේට් එක නම් නියමයි. එලෑ !!!
    ඔන්න වැඩි වැඩියෙන් ගජට් කෑලි දැම්මොත් බලාගමු හරිය !!

    ඒක නෙමෙයි මෙහෙම සිංදු මතක් වෙන්නේ ලඟදින ඇඟිල්ලට මුද්දක් වැටේ නිසාද. හික්ස් :)

    ReplyDelete
  6. අයියෝ........ සංසාරේ මම බඳින්නේ නෑ :(

    ReplyDelete