Pages

Wednesday, April 27, 2011

ඔයාගේ දුව කුණුහරුපයක් කිව්වා.........



මේ සිද්ධිය වෙනකොට මම ඉස්කෝලේ 2ක වසරේ ඒ කාලේ තමා අපේ ගෙදරට දුරකතන පහසුකම අරන් තියෙන්නේ පොඩි එවුන් කියන්නේ ඉතින් දැක්ක දැක්ක දේ අනුගමනය කරන, ඇහෙන ඇහෙන දේ කියන කශ්ටියනේ ඉතින් මම ගෙදරදි ෆෝන් එකෙන් කතා කරන විදිහට ඉස්කෝලේ ගිහිනුත් ළමයි එක්ක කතා කරල ඒ කියන්නේ යාලුවන්ට හලෝ කියලා

මට කියන්න අමතක උනානේ ඉස්කෝලේ යනකාලේ මාර දඟයි ලු ඉතින් ඔය කියපු මිස්ට මාව පේන්න බැරි ලු .

ඉතින් මම  ළමයි එක්ක හලෝ කිය කිය කතා කරනවා මිස් අහන් ඉඳලා වාර අවසානේ දෙමාපිය ගුරු හමුවේදි පන්තියේ සේරම අම්මලා තාත්තලා ඉන්න තැන අපේ මිස් තාත්තාට කිව්වලු  ශානුගේ තාත්තේ ඔයාගේ දුව කුණුහරුපයක් කිව්වානේ කියලා අපේ තාත්තාව දෙලෝ රත් වෙලා ඉතින් අපේ තාත්තා මිස් ගෙන් අහලා මොකක්ද මිස් එයා කියපු කුණුහරුපය සාමාන්යෙන් එයාට එහෙම වචන ඇහෙන විදිහේ වට පිටාවක් නෙමෙයි ගෙදර තියෙන්නේ කියලා. පස්සේ මිස් කිව්වාලු මෙයා ඉස්කෝලේ ඇවිත් ළමයින්ට හලෝ කියලා කතා කරනවා බලන්න කොච්චර කැත වචනයක් ද කියලා ඒක  කිව්ව ගමන් එතන හිටපු අම්මලා තාත්තලා සේරම හිනා උනාලු අපේ තාත්තටත්බඩ පැලෙන්න හිනාලු පස්සේ එක අංකල් කෙනෙක් කිව්වලු මිස් ඒක කුණුහරුපයක්ද අපිනම් ඒක කුණුහරුපයක් කියලා ඇහුවේ අදමයි කියලා

ප.ලි: ඒ මිස් අපේ ගෙදරත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවා ඒක තමා එයා මම ඒ පන්තීයේ ඉන්නකල් ම පිරිමැහුවේ අනේ මන්දා මේ වගේ ගුරුවරු නිසා තමා ළමයින් ගේ ජීවිත කාළකණ්ණි වෙන්නේ මෙච්චර දියුණු කාලයක් වෙලාත් තාම ඉස්කෝල වල ඉන්න ගුරුවරු තාමත් පටු විදිහට හිතන එක තමා දුක

20 comments:

  1. hik hik hik :D bi.pe.si

    ReplyDelete
  2. අපෝ ඒක කුණු හරපයක් නේන්නං..ඔයා ඒක තාම දන්නේ නැද්ද..?
    ඒකනේ මම මට කාට හරි බනින්න ඕන උනහම එයාට කෝල් එකක ගත්ත ගමන් ඔය වචනෙන් තමා පටන් ගන්නේ...:D

    ReplyDelete
  3. ඔය වගේ ගුරුවරු අපි කාගේ කාගේත් ජිවිත වල ඉන්නවා...එයාල නිසා සමහර දේවල් අපෙන් ගිලිහිලා ගිහිල්ලත් තියනවා................

    ReplyDelete
  4. @ජේ.ඩී :හික් හික්

    @ මාරයියා :ඇත්තද මම ඒක අදනේ දන්නේ අයියා

    @ සඳුනි:ඒක ඇත්ත සඳුනි

    ReplyDelete
  5. සික්! කොයි ත‍රම් කැත වචනයක්ද ඒක :D

    ReplyDelete
  6. හිකිස් බිකිස් නියම කුනුහරුපේ...............

    ReplyDelete
  7. Bloggerත් ඒක කුනුහර්පයක් කියලා හිතනවාද මන්දා මම මේකට එද්දී 'Adults content' කියලා warning එකක් ආවා....

    ReplyDelete
  8. මට පේන විදිහට වචනේ වේනස් කලාද මංදා...

    ReplyDelete
  9. නෑ නෑ දන්නවානේ මම බොරු කියන්නේ නැති බව

    ReplyDelete
  10. හිහ්, වෙලාවට චීටර් ඒ කාලේ හිටියෙ :P

    ReplyDelete
  11. චිහ්...මහම වල් කෙල්ලෙක්.

    ReplyDelete
  12. අපෝ. මේ කැත වචන දාල බ්ලොග් එකේ

    ReplyDelete
  13. “මට කියන්න අමතක උනානේ ඉස්කෝලේ යනකාලේ මාර දඟයි ලු“ ඒ කාලෙ විතරද ;)

    ReplyDelete
  14. helloo, helloooooo........ ඔන්න මමත් කුණුහරුපයක් කීවා...... අයියෝ සමහර ගුරුවරු කරන මෝඩ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ..... ගුරුවරු කියන නමටත් ලැජ්ජයි......

    ReplyDelete
  15. ලැජ්ජ නැද්ද මේ බ්ලොග් වල කුණුහරප ලියන්නේ. මේව පොඩි ලමයිත් බලනවා.. :P

    ReplyDelete
  16. ඊයා.... මම අද අළුතෙන් කුණුහරුපයක් ඉගෙන ගත්තා...!

    ReplyDelete
  17. :e :e ටීත එත්තල දෙයක් වත් දල්ලැද්ද????

    ReplyDelete
  18. එකලේ හා පැටික්කියේ ටීත එත්තල දෙයක් වත් දල්ලෙ ලෑලේ :o

    ReplyDelete
  19. ගුරුවරු තමන්ගෙ පෞද්ගලිග තරහ පාසලේදි පිරිමහ ගන්න හදනවනම් ඒක වැරදියි. අනික මේ ලමයින්ගෙන් :r

    හෙලෝ කියන්නෙ එහෙම දෙයක්ය කියල තාත්තට කියන්න තරම්.. හැමෝම ඉස්සරහ එයාට ලැජ්ජ නැද්ද.. මට පේන්නෙ බොරුවක් කරන්න ගිහින් වැඩේ වැරදිලා වගේ.. :e

    ReplyDelete