Pages

Friday, April 22, 2011

෴෴ අපේ නංගි කෝක් බීව්ව හැටි ෴෴



මේ සිද්ධිය වෙනකොට මට යාන්තමට අවුරුදු 7ක් විතර ඇති එතකොට අපේ නංගිට අවුරුදු 5යි මේක සිද්ධ උනේ අපේ නැන්දලාගේ ගෙදර ගිය වෙලාවක අපේ තාත්තයි මාමයි ඒ වෙලාවෙ අනුමත වෙමින් හිටියේ සැන්ඩිවලට තිබ්බේ කෝක් ඒක කඩපු වෙලේ ඉඳලා කෝක් එකෙන් සුට්ට් සුට්ට මටයි නංගිටයි මල්ලිටයි වීදුරු වලට දදා දුන්නා බොන්න

ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනා සෙල්ලම් කර කර ඉන්න අතරේ අපේ නංගිට තවත් බීම ඕනි කියලා නැගිටලා ගියා ඊට පස්සේ එයා ඒක බීලා ආවෙ අමුතු විදිහකට අපිට ඉතින් ඒක ගානක් උනේ නෑ අපිට තේරෙන්නේ නෑනේ ඒ ඇයි කියලා

තාම මේ සීන් එක ගෙදර කවුරුත් දැක්කෙත් නෑ හවස ගෙදර එන්න හදනකොට අපේ නංගිව අම්මා වඩා ගත්තම වෙනදාට වඩා ගෙන යන්න කියලා කෑගහන කෙනා එදා නෑ මට බිමින් යන්න පුලුවන් කියලා යන්න ගත්තා එවෙලේ තමා කට්ටියටම මීටර් උනේ සීන් එක එයා ඇවිදන් යන්නේ වැනි වැනි

පස්සේ තාත්තා මාමාට කියනවා මම හිතුවේ අර වීදුරුවෙ තිබ්බ ටික අයියා බොන්න ඇති කියලා බලන් යද්දි මෙයානේ ඒකට වැඩේ දීලා තියෙන්නේ කියලා

අදටත් අපේ කට්ටිය සෙට් උනාම නංගිට නෝන්ඩිය දානවා මේක මතක් කොර කොර ඒ පුරුද්දටද කොහෙද අපේ නංගිට කිසිම ආබාධයක් නැතිව බියර් බොන්න පුලුවන්

12 comments:

  1. අනේ හැබෑට දැන් හැදෙන ගෑනු ලමයි අවුරුදු 5 , 6 ඉඳලා බොන්න පුරුදු වෙනවා මෙහෙම ගියොත් අපිට යන කල මොකද්ද මන්දා :-D

    ReplyDelete
  2. ඇත්තටම කිව්වොත් මරණේ, ලමයින්ට පොඩි කාලේ සිටම බීම පුරුදු කිරීම අද ලෝකයේ හැටියට අත්‍යාවශ්‍ය දෙයක්. ඒක අනාගතයට හොඳ පෙර පුහුණුවක්. පාසල් විෂය මාලාවට ඇතුලත් කලත් වරදක් නෑ :D
    එල කතාවක් නංගී :)

    ReplyDelete
  3. කානුවව ට්‍රිප් වලින් වහාම හලන්න. නැත්නම් බෝත්ල් වාශ්ප වෙයි

    ReplyDelete
  4. ලොල්ය.. මේ ඔයාලගෙ මාමයි තාත්තයි බියර් බොන්නෙ සැන්ඩිකරලද..?? නෝන්ඩියට නෙවේ ඇහුවෙ හරිය..??

    ReplyDelete
  5. මොකක්ද බං මේ අපේ පිවිතුරු බ්ලොග් සමාජෙට වීගෙන එන්නේ..හැම එකාම එකීම බේබදු කතාමයි ලියන්නේ..චික් විතරක්...

    මේ රටට අනාගතයක් තියෙයිද මෙහෙම..?

    ReplyDelete
  6. මේවට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ "ම" කල්ලිය තමයි. බලපල්ලි උඹල අපේ අහිංසක මල්වගේ කෙලි පැටික්කියොන්ට දීපු අදරුසෙ... :D
    දවල් හසී බේබද්දියක් වුණා. දැං මේකි. නංගි බ්වුව කිවුවට මේ කාණුවා තමා බීවේ.. :D
    අම්මප දැංනං බයම බයයි. :D

    ReplyDelete
  7. මට සැක.. නංගිටද මේක උනේ.. කානුවාටද කියලා :P

    ReplyDelete
  8. මේක මට නෙමෙයි උනේ අපේ නගාට

    ReplyDelete
  9. පව් අහිංසක කෙල්ල. නිකං අහන්නේ නංගි කීයටද බොන්න පටන් ගන්නේ? ලොල් ( නංගී මේ සීන් කෝන් එක ලංකාව දන්නවා කියලා දැනගත්තොත් රංගගෙන් ඉල්ලං රට බෝතලයක්ම බොනවා)

    ReplyDelete
  10. අරහේ මාමා මතට තිත තියන්න යනකොට මෙහෙ කෙල්ලොත් බොන්න අරන්... අනෙ අප්පේ..

    ReplyDelete
  11. අපි නම් ඕවාට නැහැ. ඇල්වතුරත් නිවලයි බොන්නේ

    ReplyDelete