Pages

Thursday, May 19, 2011

අකල් වියෝවක සිත් තැවුල ; දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!!

                                                  උපුටා ගැනීම මීදුම් අරණ බ්ලොග් අඩවියෙන්)
                                             

පහුගිය ටිකේ වෙසක් බලලා පිස්සු නට නට ඉඳලා සතුටින් ඉන්නකොට  ඇහුන අසුන්දරම ආරංචිය මාව මහ පාරෙම හිටි තැන නතර කළා

උදේ පාන්දර වැඩට යන්න  ලේස්ති පාරේ එනකොට සුදු හංසි අක්කාගෙන් කෝල් එකක් ආවා මූසල ආරංචියකුත් එක්ක කවදාවත් අක්කා උදේම කතා නොකරන නිසා මම ඒත් බැලුවා ඇයි මේ කියලා කෝකටත් කියලා මම ෆෝන් එක ගත්තා නංගා දිලුම් අයියා නැති වෙලා ඊයේ රෑ 11ට විතර මට ඒ වචන ටිකෙන් ඇහුනේ අන්තිමට කිව්ව ටික විතරයි මම ආයෙම ඇහුවා අක්කා මොකක්ද කිව්වේ ඉයලා දෙවනි පාර කිව්වම තමා මට ඇහුනේ මාව එක පාරටම නතර උනා  අර සෝරෝ අයියා කිව්වා වගේ මටත් මගේ යාළුවන්ගෙන් කිසිම කෙනෙකුට මේ වගේ සිද්ධියක් සිද්ධ වෙලා නැ ඒනිසා මේක ටිකක් දරා ගන්න බැරි උනා

මට දිළුම් අයියව මුලින්ම හමු වුනම සයිබර් සිහින සැනකෙළිය දවසේ එදා මම එයා එක්ක වචනයක්වත් කතා කලේ නැත්තේ මට දුක වැඩි නිසා මම එක දවසක් බ්ස් එකක් දැම්මම " ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා " කියලා මගෙන් අහනව හෑ මම නෑ මම එහෙම කළේ නෑනේ කියලා ඒවා මතක් වෙනකොට තවත් දුකයි මතකද එදා එයා කිව්වා මගේ නම තියෙන මේ සින්දුව මට අහන්න විදිහක් නෑ කවුරු හරි මේකෙ වචන ටික දාන්න කියලා.

ඔයාගේ කන් දෙකේ ප්‍රශ්නේ වෙලාවේ හැමෝම එකතු උනා ඒ අපිට අංග සම්පූර්ණ යාලුවෙක්ව ඕනි නිසා දැන් අපිට කොහොමත්ම යාලුවෙක් නෑ

ඔයා ආයේ අපි අතරෙම ඉපදේවා දිලුම් අයියේ 


ඔබට නිවන් සුව!!!!!!!!!

බුද්ධි අයියා එදා අවුරුදු උත්සවේදි ගත්ත මේ පින්තූරේ වචනෙන් කියන්න බැරි හුඟක් දේවල් තියෙනවා



Saturday, May 14, 2011

පාඩම් නොකර A/L කරන්න පුලුවන්ද?



මම මේ පෝස්ට් එක ලියන්න කියලා හිතුවේ මගේ සිහින විජිතය..... ලියන චතූ මල්ලිගේ  A/L  අනාගන්නෙ නැතුව කරන හැටි...නො 2 කියන පෝස්ට් එක දැක්කාට පස්සේ එයා මේකේ කියලා තියෙනවා  A/L පාස් වෙන්න බෑලු පාඩම් නොකර, පසුගිය විභාග ප්‍රශ්න පත්තර නොකර මම නම් ඒ කතාව පිළිගන්නේ නෑ මොකද මම  A/L පාස් උනේ කිසිම දෙයක් පාඩම් නොකර හැබැයි මම එක දෙයක්නම් කලා ක්ලාස් ගියාම එදා කියලා දෙන දේ හොඳට සාවදානව අහන් ඉඳලා මතක තියා ගත්තා විතරයි

සමහරු දැන් හිතනවා ඇති මම පන්ඩිත කමට බොරු කියනවා කියලා ඒත් මේක් තමා ඇත්ත අනික මට පාඩම් කරන්න තරම් හොඳ සිටුවේශන් එකක් අපේ ගෙදර තිබ්බේ නෑ මොකද මම උසස් පෙළ පන්තියට ඇතුලත් වෙලාටික දවසක් යද්දි මගේ තාත්තා ලෙඩ උනා පස්සෙයි අපි දැන ගත්තේ එයාට පිළිකාවක් කියල 2005 ඉඳලා මම උසස් පෙළ කරන්න මාසයක් වෙනකම් ම අපි කලේ එයා එක්ක පිළිකා රෝහලේ ඔට්ටු උන එක  හරියටම මගේ විභාගයට මාසෙකට කලින් මගේ තාත්තා අපිව දාලා ගියා මරණේ වැඩ කටයුතු ඉවර උනාට පස්සේ අපේ අම්මාගේ ගෙදර කට්ටිය සති තුනක් විතර යනකල් අපෙ ගෙදර හිටියෙ අපි 3දෙනාව තනියම දාල යන්න බැරි නිස

මගේනම් අදහස උනේම විභාගේ ඊලඟ පාර කරන්න කියලා ඒ උනාටහැමෝමගෙම බලකිරිම මත මම ඒ අවුරුද්දේ විභාගේ කලා අනේ මන්දා පාස් වෙයි කියලා හිතකවත් තිබ්බේ නෑ රිසල්ට් ආව දවසේ අම්මා කැෆේ එකෙන් රිසල්ට් බලලා කිව්වම මේකයි කියලා රිසල්ට් කියලා මට හිතා ගන්න බැරි උනා ඒකෙන් මම එකක් තේරුම් ගත්තා එදිනෙදා ඉස්කෝලේ , ක්ලාස් වල කියන දේවල් හරියට අහන් ඉන්නවනම් විභාග වලට පාඩම් කරන්න ඕනි නෑ කියන එක

ප.ලි: මම මේ ක්‍රමය අත්හදා බලලා සාර්ථක ප්‍රතිපල තියෙන නිසා කියන්නේ නංගිලා මල්ලිලා මේක කරන්න ගිහින් වැඩ වැරදුනොත් මගේ ඇඟට ගොඩ වෙන්නනම් එපා ඔන්න

Wednesday, May 11, 2011

දොල දුක හැදුන අපේ ගෝල්ඩ් ෆිශ්


අදනම් මම මේ පොඩි මඩක් ගහන්න යන්නේ අපේ බ්ලොග් අවකාශෙ කෙනෙක්ට එයා තමයඉ අපි කවුරුත් හඳුනන අපේ මාලුව නොහොත් ගෝල්ඩ් ෆිශ් අයියාට ඔන්න මම ඊයේ වැඩ ඇරිලා යද්දි මිනිහට කෝල් එකක් දුන්නා

මම: හලෝ මාලු අයියේ කොහොමද

ගෝල්ඩ් ෆිශ්: හොඳයි නංගියෝ ඔයා ඔය කොහෙද ඉන්නේ?

මම : මේ වැඩ ඇරිලා යනගමන් මේ ඒක නෙමෙයි දිලුම් අයියට ආයෙම අසනීප වෙලාලු දැන් අයි .සී.යූ එකේලු ඉන්නේ

ගෝල්ඩ් ෆිශ්: ඕ...... කවුද දැණ් ඒක ඔයාට කිව්වේ

මම : අද හවස සුදු අක්කා බලන්න ගිහින් එයා තමා කිව්වේ

ගෝල්ඩ් ෆිශ්: මේ එහෙනම් ලබන ඉරිදා විතර බලන්න යමුද ඔයත් එන්න ජේඩී එක්ක

මම :  මට යන්න වෙන්නේ නෑ හලේ මට ක්ලාස් බලමුකෝ මොනා හරි කරන්න මේ ඒක නෙමෙයි  කොහෙද දැන් ඉන්නේ ඔය මෝඩ මාලුවා

ගෝල්ඩ් ෆිශ් : මම ඉතින් උඹට කියන්නේ නෑ කවුද මෝඩ කියලා මම මේ මල්ලි කෙනෙක් එක්ක ජම්බු හොයන්න යනවා බන්

මම : අඩේ මටත් ජම්බු ටිකක් එවනවකෝ අපේ ගෙවල් ලඟ අක්කා කෙනෙක්ට දෙන්න ඕනි

ගෝල්ඩ් ෆිශ් :හිටපන් මම හෙට ෆැක්ස් කරන්නම්

මම : අනේ තිය ගන්නව පන්ඩිතයෝ මා ගාව බෑග් එකක්ම තියෙනවා අද රෑට ගෙදර ගිහින් කනවා

ගෝල්ඩ් ෆිශ් :අනේ බන් මටත් ටිකක් දියන්කෝ

මම : එහෙනම් මම හෙට ෆැක්ස් කරන්නම්

ගෝල්ඩ් ෆිශ් : අනේ තියා ගනින් මොනාද බන් නංගියේ එවහන්කෝ

මම: ඇයි දොලදුක හිටුකො මම හෙට පෝස්ට් එකක් ලියන්නම් දොල දුක හැදුන අපේ ගෝල්ඩ් ෆිශ් කියලා

ගෝල්ඩ් ෆිශ් :උඹට මම කිව්වයි කියල හිතා ගනින් හරිද අනේ බුදු නංගියේ පෝස්ට් එකක් නම් දාන්න එපා

මම : නෑ නෑ හිටුකො ඊයෙ මට කරපු වැඩේට මම දෙන්නම් රිටන් එක

ගෝල්ඩ් ෆිශ් :ඕන මගුලක් කරපිය මම තියනවා දිලුම් බලන්න යනවා නම් කියන්න බායි.

මම  : ඕකේ බායි

මේ තියෙන්නෙ මිනිහා අද උදෙත් මට වැන්ද වැඳිල්ලට සාක්ෂි


ප.ලි: මාලු ලාලු මා එක්ක තරහා නෑ නේද අපි ඉතින් හොඳ ලාලුවෝනේ ;)

Monday, May 2, 2011

සමාවෙන්න මට......

හදවතට වාවනු බැරි තරමට
පෙම්කලාට..
අහසක් තරම් උසට
සහසක් පැතුම් මල්
ගෙතුවාට..
මගෙ හිතට 
දඩුවම් දෙන්නෙපා දෙවියනේ
මේ තරමට..
ආදරයක් මෙලෙසින් 
අයදින්නේ නෑ ආයේනම්
කවදාවත්ම...
රිදුණු හිත පෑරුණු හද
නිවාලනු පිණිස 
සමාවෙන්න මට.........        

Friday, April 29, 2011

අපේ පවුලේ අලුත් සාමාජිකයා.....

මීට සුළු මොහොතකට පෙර අපේ පවුලට අළුත් සාමාජිකයෙක් එකතු උනා
හි හි ඒ තමා අපේ බාප්පාගේ දූ පොඩිත්ත උම්ම්ම්මාමා පැටියෝ අවුරුදු 21කට පස්සේ අපේ පවුලට එකතු උන සූටි පැටියා අපේ චූටි ඒන්ජල් ඔයා අපි හැමෝගෙම ජීවිත් වෙනස් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා අපි හැමෝම ඔයා එනකල් තමා බලන් හිටියේ.

ගෝඩ් බ්ලෙස් පැටියෝ , බුදුසරණයි


තාම මම මෙයාව බලන්න ගියේ නෑ ගිහින් ඇවිත් මෙයාගේ පින්තූර ටික අප්ලෝඩ් කරන්නම්

Wednesday, April 27, 2011

ඔයාගේ දුව කුණුහරුපයක් කිව්වා.........



මේ සිද්ධිය වෙනකොට මම ඉස්කෝලේ 2ක වසරේ ඒ කාලේ තමා අපේ ගෙදරට දුරකතන පහසුකම අරන් තියෙන්නේ පොඩි එවුන් කියන්නේ ඉතින් දැක්ක දැක්ක දේ අනුගමනය කරන, ඇහෙන ඇහෙන දේ කියන කශ්ටියනේ ඉතින් මම ගෙදරදි ෆෝන් එකෙන් කතා කරන විදිහට ඉස්කෝලේ ගිහිනුත් ළමයි එක්ක කතා කරල ඒ කියන්නේ යාලුවන්ට හලෝ කියලා

මට කියන්න අමතක උනානේ ඉස්කෝලේ යනකාලේ මාර දඟයි ලු ඉතින් ඔය කියපු මිස්ට මාව පේන්න බැරි ලු .

ඉතින් මම  ළමයි එක්ක හලෝ කිය කිය කතා කරනවා මිස් අහන් ඉඳලා වාර අවසානේ දෙමාපිය ගුරු හමුවේදි පන්තියේ සේරම අම්මලා තාත්තලා ඉන්න තැන අපේ මිස් තාත්තාට කිව්වලු  ශානුගේ තාත්තේ ඔයාගේ දුව කුණුහරුපයක් කිව්වානේ කියලා අපේ තාත්තාව දෙලෝ රත් වෙලා ඉතින් අපේ තාත්තා මිස් ගෙන් අහලා මොකක්ද මිස් එයා කියපු කුණුහරුපය සාමාන්යෙන් එයාට එහෙම වචන ඇහෙන විදිහේ වට පිටාවක් නෙමෙයි ගෙදර තියෙන්නේ කියලා. පස්සේ මිස් කිව්වාලු මෙයා ඉස්කෝලේ ඇවිත් ළමයින්ට හලෝ කියලා කතා කරනවා බලන්න කොච්චර කැත වචනයක් ද කියලා ඒක  කිව්ව ගමන් එතන හිටපු අම්මලා තාත්තලා සේරම හිනා උනාලු අපේ තාත්තටත්බඩ පැලෙන්න හිනාලු පස්සේ එක අංකල් කෙනෙක් කිව්වලු මිස් ඒක කුණුහරුපයක්ද අපිනම් ඒක කුණුහරුපයක් කියලා ඇහුවේ අදමයි කියලා

ප.ලි: ඒ මිස් අපේ ගෙදරත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවා ඒක තමා එයා මම ඒ පන්තීයේ ඉන්නකල් ම පිරිමැහුවේ අනේ මන්දා මේ වගේ ගුරුවරු නිසා තමා ළමයින් ගේ ජීවිත කාළකණ්ණි වෙන්නේ මෙච්චර දියුණු කාලයක් වෙලාත් තාම ඉස්කෝල වල ඉන්න ගුරුවරු තාමත් පටු විදිහට හිතන එක තමා දුක

මේඛලා 02.

"අනේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා ඉන්න බෑ අම්මා අම්මා......."

" ඩොක්ටර්... මෙන්න ලෙඩාට සිහිය ඈවිලා , ඔයාට කතා කරන්න හොඳ නෑ සඳරු පොඩ්ඩක් ඉන්න ඩොක්ටර් එනකල්"

" ප්ලීස් මිස් කියන්න මම මේ කොහේද ඉන්නේ කියලා , ඇයි මාව මෙහාට ගෙනාවේ?"

"මේ නුවර හොස්පිට්ල් එක, ඊයේ හවස තමා ඔයාව මෙහාට ඇඩ්මිට් කලේ"

"ඇයි ඒ? කෝ මගේ ගෙදර කට්ටිය? මම ඊයේ ට්‍රිප් එකක් ආවානේ එයාලා එක්ක"

"පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තව ටිකකින් ඩොක්ටර් ඒවි ඊට පස්සේ මේ හැමදේම එයා තේරුම් කරලා දේවි ඔයාට"

"අන්න ඩොක්ටර් එනවා ඔයා ඩොක්ටර් එක්කම කතා කරගන්නකෝ සඳරු"

"ගුඩ් මෝනින් සඳරු"

"ගුඩ් මෝනින් ඩොක්ටර්, ඇත්තටම මට මොකද උනේ ඩොක්ටර්"

"ඊයේ හවස ඔයාගේ අම්මලා තමා ඔයාව මෙහෙ ඇඩ්මිට් කලේ , හිටි ගමන් ඔයාට සිහි නැතිවෙලා ඔයාට මතකද මොකද උනේ කියලා"

"ම්ම්ම් ඔව් අපේ නංගි මේඛලාට බැන්නා ඊට පස්සේ මම කේන්ති ගිහින් එයාට ගැහුවා ඊට පස්සේ ඇති උන කතා බහෙන් පස්සේ වෙන්න ඇති මට සිහි නැති උනේ"

"හ්ම්ම්ම් ඔවීට පස්සේ ඔයාට සිහි නැති වෙලා  එවෙලාවේ තමා ඔයාව මෙහෙට ගෙනාවේ"

" හ්ම්"

"දැන් බය වෙන්න දෙයක් නෑ අද හවසට ඔයාට ගෙදර යන්න පුලුවන්"

" කෝ ඩොක්ටර් මගේ ගෙදර කට්ටිය"

එයාලා තව ටිකකින් ඒවි"
" ඩොක්ටර් පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න මම හිතනවා ඩොක්ටර් මම ඉන්න තත්වේ තේරුම් ගනියි කියලා"

"කියන්න සඳරු මට පුලුවන් දෙයක් නම් මම කරන්නම්"

" මට ගෙදර යන්න බෑ ඩොක්ටර් මට ටික දවසකට මෙහෙ නතර වෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද? ගෙදර ගියාම මට මේඛලාව මතක් වෙනවා"

"ඒකට ඔයාගේ අම්මලා කැමති වෙයිද?"

"මම උත්සහ කරල බලන්නම් එයාලාව කැමති කර ගන්න.ඒත් ඩොක්ටර්ත් පොඩ්ඩක් එයාලාට තේරුම් කරලා දෙන්න බලනවාද?"

"ඕකේ අයි විල් ට්‍රයි ටු ඩූ මයි බෙස්ට්"

"තෑන්ක්ස් ඩොක්ටර්"

" මම දෙයක් ඇහුවාට කමක් නැද්ද සඳරු?"

"කමක් නෑ ඩොක්ටර් අහන්න"

" කවුද මේඛලා කියන්නේ?"

" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"

"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"

"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"