Pages

Monday, September 12, 2011

තනිකම



මාව බලාගන්න මගේ දුක අහන්න  
මගේ ලඟින් ඉන්න මාත් එක්ක එකට දුක සැප බෙදා ගන්න
කෙනෙක් නෑ

කෑවද බිව්වද 
නිදා ගත්තද ඔෆිස් ආවාද  හොයන්න
කෙනෙක් නෑ

ඕක කරන්න එපා ඕක අඳින්න එපා
තනියෙන් යන්න එපා කියන්න
කෙනෙක් නෑ

ලෙඩ උනාම බෙහෙත් ගන්න වෙලාවට බෙහෙත් බොන්න
මම බඩගින්නේ ඉන්නකොට හිරවෙන්න
කෙනෙක් නෑ
ජීවත් වෙන්න නම් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන
නැත්තන් ජීවිතේ පාළු හිස් ගතියක් දැනෙනවා
එතකොට මම කොන් වෙලා වගේ 

ජීවත් වෙන්නේ මොකටද , කාවෙනුවෙන්ද කියලා හිතනකොට
මාව පිච්චෙනවා 


22 comments:

  1. දැන් මේක කාටද ලිව්වෙ.. 8-}

    ReplyDelete
  2. අප්පොච්චියේ!!!!

    ReplyDelete
  3. ගෑණු ලමයි ඔය කිව්ව දේවල් වලට ආසයි කියල අහන්නත් සංතෝසයි....
    පාළුව ඉක්මනට නැති වෙන්න කියල පතනව.

    ReplyDelete
  4. ගෑනුන්ගේ හැටි මෙන්න මෙහෙමයි නංගී . .

    "මාව බලාගන්න මගේ දුක අහන්න
    මගේ ලඟින් ඉන්න මාත් එක්ක එකට දුක සැප බෙදා ගන්න
    කෙනෙක් නෑ"
    කියලා හිතලා පිරිමි ඕව්වා කරන්න ගියාම "මොන මල වදයක්ද? නැට්ට වගේ පස්සෙන්මයි" කියනවා

    "කෑවද බිව්වද
    නිදා ගත්තද ඔෆිස් ආවාද හොයන්න
    කෙනෙක් නෑ"
    පිරිමි මේවා ගැන හොයලා බැලුවාම "ඇයි මම වෙන එකක් එක්ක යයි කියලා බයද?" කියලා අහනවා

    "ඕක කරන්න එපා ඕක අඳින්න එපා
    තනියෙන් යන්න එපා කියන්න
    කෙනෙක් නෑ"
    මේවා කියන්න ගියොත් "ඇයි ඔයාලට විතරද කැමති දේවල් කරන්න හොඳ? අපි ඔටුවොද? අපිට කියල නිදහසක් නැද්ද?" කියලා අහනවා

    "ලෙඩ උනාම බෙහෙත් ගන්න වෙලාවට බෙහෙත් බොන්න
    මම බඩගින්නේ ඉන්නකොට හිරවෙන්න
    කෙනෙක් නෑ"
    ඔව්ව කිව්වහම "නවත්ත ගන්න අනේ ඔයාගේ මළ අඬවැඩියාව" කියනවා

    ඉතිං මොකෑ මේ පිරිමි අපි කොරන්නේ . ..
    කොලත් වැරදියි . . නොකලත් වැරදියි . . ..
    අනේ නාථ දෙයියනේ මේ අසරණ පිරිමින්ට පිහිට වනු මෑනවී . . .. !

    ReplyDelete
  5. මොකද මේ එක පාරට ...........?

    ReplyDelete
  6. ඕව ඔහොම තමා නංගි..මුලදි පණ දෙන්න හදන අයත්..පරණ වුණාම මුල අමතක කරනවා...:|

    ReplyDelete
  7. අර කොලුව ඕවා අහන්නේ නැතෙයි.එහෙනම් ඉතින් අහන්න කියලා අපි කියමු සුදෝ..හි හි හී

    ReplyDelete
  8. හානේ .. ගෑණු ළමයි ඕවට ඔච්චරම කැමතිද???

    ReplyDelete
  9. ජීවත් වෙන්න නම් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන
    නැත්තන් ජීවිතේ පාළු හිස් ගතියක් දැනෙනවා

    //ඒක ඇත්ත.ඒත් පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙනව සමහර වෙලාවට අපිට ගැලපෙන දේ ලැබෙනකම්.දුක් වෙන්න එපා.හැමදේම හරියයි.

    ReplyDelete
  10. මටනම් ඔය විදියට මං ගැන හොයලා බලන එක වදයක් නෙමේ.මම කැමතිත් ඒ විදියට හැම‍දේමම හොයලා බලනවට :)

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඇත්ත ජීවත් වෙන්න නම් බලාපොරොත්තුවක් ඕනමයි.. නැත්නම් ඒ ජීවිතේම හිස් වගේ දැනෙනවා..

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්ම්ම්.............. නදී අක්කා කීව එක හරි....... ඉවසන්නම වෙනවා......... :-*

    ඒක නෙමෙයි දුකා අයියා ලියපු කමෙන්ට් එක මං මේ බැලුවේ........ :))

    ReplyDelete
  14. මොකද අක්කේ මේ......ආ...

    අනේ යන්න දුකා අයියේ...හැමෝම එහෙම නෑ....ඔන්න මලිති කිව වගේ මාත් ආසයි ඔය කියන විදියට කරනවනම්....එතකොට අපි තුන්දෙනේක්ම කැමති...තව කැමති අයත් ඇති

    ReplyDelete
  15. http://kaveej.blogspot.com/2011/09/blog-post_14.html

    ඔං කිව්වා නඟා

    ReplyDelete
  16. මාත් කැමතියි ඔහොම හොයන කෙනෙක් ඉන්නවානම්. ඔන්න දුකා අයියේ අපි හතරදෙනෙක්ම ඉන්නවා දැන්...

    ReplyDelete
  17. ප්‍රශ්නයක් තමයි. ඕවගේ සංක්‍රාන්ති කාලවල් කාටත් එනවා . සිසිරයට පසු වසන්තය එනවාමයි

    @ දුකා
    දෙය්යන්ට ම පෙනීයන් ..අමුලික ඇත්ත . අමුර්තේ වුනත් වැඩි වුනහම රස නැහැනේ . මැද මාවතේ යන එක ඇඟට ගුණයි.

    ReplyDelete
  18. හ්ම්.. හ්ම්ම්ම්ම්...

    ReplyDelete
  19. ඇත්තමයි... එහෙම හොයලා බලන්න කෙනෙක් ඉන්නවා කියලා හිතනකොටත් හිතට අමුතු ජීවයක් එනවා. මමත්, එහෙම හොයලා බලනව ට කැමති කෙනෙක්.

    "ජීවත් වෙන්න නම් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන
    නැත්තන් ජීවිතේ පාළු හිස් ගතියක් දැනෙනවා"
    ඒ කතාව ඇත්ත. මගෙත් හිතට ම වැදුණා ඒක.

    ඒත් හොඳ දේ ලැබෙනකං අපිට ඉවසන්න වෙනවා.

    ඔයාගේ ඔය පාළු හිත ට ලඟදි ම මල්සරා වඩින්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!

    ReplyDelete
  20. මටත් ඔය වැඩේමයි වෙලා තියෙන්නේ. මං නම් දුක් වෙන්නේ නෑ. දුක සැප බලන්න කෙනෙක් ලැබේවි.

    ReplyDelete