Pages

Wednesday, May 11, 2011

දොල දුක හැදුන අපේ ගෝල්ඩ් ෆිශ්


අදනම් මම මේ පොඩි මඩක් ගහන්න යන්නේ අපේ බ්ලොග් අවකාශෙ කෙනෙක්ට එයා තමයඉ අපි කවුරුත් හඳුනන අපේ මාලුව නොහොත් ගෝල්ඩ් ෆිශ් අයියාට ඔන්න මම ඊයේ වැඩ ඇරිලා යද්දි මිනිහට කෝල් එකක් දුන්නා

මම: හලෝ මාලු අයියේ කොහොමද

ගෝල්ඩ් ෆිශ්: හොඳයි නංගියෝ ඔයා ඔය කොහෙද ඉන්නේ?

මම : මේ වැඩ ඇරිලා යනගමන් මේ ඒක නෙමෙයි දිලුම් අයියට ආයෙම අසනීප වෙලාලු දැන් අයි .සී.යූ එකේලු ඉන්නේ

ගෝල්ඩ් ෆිශ්: ඕ...... කවුද දැණ් ඒක ඔයාට කිව්වේ

මම : අද හවස සුදු අක්කා බලන්න ගිහින් එයා තමා කිව්වේ

ගෝල්ඩ් ෆිශ්: මේ එහෙනම් ලබන ඉරිදා විතර බලන්න යමුද ඔයත් එන්න ජේඩී එක්ක

මම :  මට යන්න වෙන්නේ නෑ හලේ මට ක්ලාස් බලමුකෝ මොනා හරි කරන්න මේ ඒක නෙමෙයි  කොහෙද දැන් ඉන්නේ ඔය මෝඩ මාලුවා

ගෝල්ඩ් ෆිශ් : මම ඉතින් උඹට කියන්නේ නෑ කවුද මෝඩ කියලා මම මේ මල්ලි කෙනෙක් එක්ක ජම්බු හොයන්න යනවා බන්

මම : අඩේ මටත් ජම්බු ටිකක් එවනවකෝ අපේ ගෙවල් ලඟ අක්කා කෙනෙක්ට දෙන්න ඕනි

ගෝල්ඩ් ෆිශ් :හිටපන් මම හෙට ෆැක්ස් කරන්නම්

මම : අනේ තිය ගන්නව පන්ඩිතයෝ මා ගාව බෑග් එකක්ම තියෙනවා අද රෑට ගෙදර ගිහින් කනවා

ගෝල්ඩ් ෆිශ් :අනේ බන් මටත් ටිකක් දියන්කෝ

මම : එහෙනම් මම හෙට ෆැක්ස් කරන්නම්

ගෝල්ඩ් ෆිශ් : අනේ තියා ගනින් මොනාද බන් නංගියේ එවහන්කෝ

මම: ඇයි දොලදුක හිටුකො මම හෙට පෝස්ට් එකක් ලියන්නම් දොල දුක හැදුන අපේ ගෝල්ඩ් ෆිශ් කියලා

ගෝල්ඩ් ෆිශ් :උඹට මම කිව්වයි කියල හිතා ගනින් හරිද අනේ බුදු නංගියේ පෝස්ට් එකක් නම් දාන්න එපා

මම : නෑ නෑ හිටුකො ඊයෙ මට කරපු වැඩේට මම දෙන්නම් රිටන් එක

ගෝල්ඩ් ෆිශ් :ඕන මගුලක් කරපිය මම තියනවා දිලුම් බලන්න යනවා නම් කියන්න බායි.

මම  : ඕකේ බායි

මේ තියෙන්නෙ මිනිහා අද උදෙත් මට වැන්ද වැඳිල්ලට සාක්ෂි


ප.ලි: මාලු ලාලු මා එක්ක තරහා නෑ නේද අපි ඉතින් හොඳ ලාලුවෝනේ ;)

10 comments:

  1. මාළුවා‍ට වෙරළු අච්චාරු හේම කන්න හිතුනේ නැද්ද දන්නේ නැහැ.. හී.. හී... ගැට අඹ හේමත් කනවලු නේ.....

    ReplyDelete
  2. හි හි හොද වැඩේ මාළුවාට... :c :c මාළුවා නහින්නේ කට නිසා කියන්නේ නිකම්ද? :i :i

    ReplyDelete
  3. මාලුව දීපු දන්සැලේ ජම්බු තිබුන් නෑ නෙ.... :c පව් අසරණ මාලුවා මාලු කෑම ටිකක් කාල පාඩුවෙ ඉන්න බැරි හැටි එනව මෙතන ජම්බු හොයන්න :i

    ReplyDelete
  4. පවු වැඩේ.....කතාව නම් ඇත්ත...මාළුව නහින්නේ කට නිසාලුනේ

    :a :c

    ReplyDelete
  5. මාලුව නිසා මඩ හෝදගන්න ලෙසිවෙයි මයෙ හිතේ

    ReplyDelete
  6. @ගෝල්ඩ් ෆිෂ්,
    මොනාද නාමල් මල්ලි ......... ඇදගෙන නාන එකේ ඉවරයක් නැහැනෙ ...........

    ReplyDelete
  7. අනේ මං මේ පෝස්ට් එක දැක්කේ නැහැනේ... :k

    ReplyDelete
  8. අහෝ....බේදයකි, මාළුවා කට නිසා නසී. :f

    ReplyDelete
  9. වන් මෝ(ර්) වන් මො(ර්)

    ReplyDelete