Pages

Saturday, May 14, 2011

පාඩම් නොකර A/L කරන්න පුලුවන්ද?



මම මේ පෝස්ට් එක ලියන්න කියලා හිතුවේ මගේ සිහින විජිතය..... ලියන චතූ මල්ලිගේ  A/L  අනාගන්නෙ නැතුව කරන හැටි...නො 2 කියන පෝස්ට් එක දැක්කාට පස්සේ එයා මේකේ කියලා තියෙනවා  A/L පාස් වෙන්න බෑලු පාඩම් නොකර, පසුගිය විභාග ප්‍රශ්න පත්තර නොකර මම නම් ඒ කතාව පිළිගන්නේ නෑ මොකද මම  A/L පාස් උනේ කිසිම දෙයක් පාඩම් නොකර හැබැයි මම එක දෙයක්නම් කලා ක්ලාස් ගියාම එදා කියලා දෙන දේ හොඳට සාවදානව අහන් ඉඳලා මතක තියා ගත්තා විතරයි

සමහරු දැන් හිතනවා ඇති මම පන්ඩිත කමට බොරු කියනවා කියලා ඒත් මේක් තමා ඇත්ත අනික මට පාඩම් කරන්න තරම් හොඳ සිටුවේශන් එකක් අපේ ගෙදර තිබ්බේ නෑ මොකද මම උසස් පෙළ පන්තියට ඇතුලත් වෙලාටික දවසක් යද්දි මගේ තාත්තා ලෙඩ උනා පස්සෙයි අපි දැන ගත්තේ එයාට පිළිකාවක් කියල 2005 ඉඳලා මම උසස් පෙළ කරන්න මාසයක් වෙනකම් ම අපි කලේ එයා එක්ක පිළිකා රෝහලේ ඔට්ටු උන එක  හරියටම මගේ විභාගයට මාසෙකට කලින් මගේ තාත්තා අපිව දාලා ගියා මරණේ වැඩ කටයුතු ඉවර උනාට පස්සේ අපේ අම්මාගේ ගෙදර කට්ටිය සති තුනක් විතර යනකල් අපෙ ගෙදර හිටියෙ අපි 3දෙනාව තනියම දාල යන්න බැරි නිස

මගේනම් අදහස උනේම විභාගේ ඊලඟ පාර කරන්න කියලා ඒ උනාටහැමෝමගෙම බලකිරිම මත මම ඒ අවුරුද්දේ විභාගේ කලා අනේ මන්දා පාස් වෙයි කියලා හිතකවත් තිබ්බේ නෑ රිසල්ට් ආව දවසේ අම්මා කැෆේ එකෙන් රිසල්ට් බලලා කිව්වම මේකයි කියලා රිසල්ට් කියලා මට හිතා ගන්න බැරි උනා ඒකෙන් මම එකක් තේරුම් ගත්තා එදිනෙදා ඉස්කෝලේ , ක්ලාස් වල කියන දේවල් හරියට අහන් ඉන්නවනම් විභාග වලට පාඩම් කරන්න ඕනි නෑ කියන එක

ප.ලි: මම මේ ක්‍රමය අත්හදා බලලා සාර්ථක ප්‍රතිපල තියෙන නිසා කියන්නේ නංගිලා මල්ලිලා මේක කරන්න ගිහින් වැඩ වැරදුනොත් මගේ ඇඟට ගොඩ වෙන්නනම් එපා ඔන්න

11 comments:

  1. මමත් ලියන්නම් දවසක මම එ ලෙවල් අනාගත්තු හැටි....:D
    මඩෙ තමයි නෙලුම් පිපෙන්නෙ... :D:D

    ReplyDelete
  2. මමනම් අනාගත්තේ නෑ දෙයියනේ කියලා S පාස් නැතිව කටක් ඇරලා රිසල්ට් කියන්න පුලුවන් විදිහට පාස් උනා

    ReplyDelete
  3. මාත් ඒ ටයිප්ම තමා අක්කි. ඉස්කෝලේවත් පන්තිවත් කට් කලේ නෑ. කියලා දෙනදේ ඒ වෙලාවේ අහන් හිටියා හොඳට. ඊට පස්සේ එවෙලේ හදන ගණන් හෙම කොහොම හරි තනියමම හැදුවා. හැබැයි එහෙමයි කියලා පාසලේ කරපු භාහිර වැඩ නතර කලෙත් නැ.

    ඔය බරටම බර විශයක් කියලා කස්ටිය සියල්ල අත්හරින පාඩමටම කැපවෙන බයෝ කරලත් අනාගත්තේ නැතිව පාස් උනේ. හැබැයි ඉතින් බයෝ වලට ඇස් තිබුනේ. හී..........

    ReplyDelete
  4. මම නම් බාහිර වැඩ කලේ නෑ ගෙදර තිබුන සිටුවේශන් එක නිසා පන්තියේ කියලා දෙන දේ අකුරටම කලා හැබැයි ඉස්කෝලේ කියලා දෙන ඒවාගෙන් අහන් හිටියේ Econ විතරයි අනිත් විෂය දෙකටම හිටියේ මහ එපා කරපු ටීචර්ස්ලා දෙන්නෙක්

    ReplyDelete
  5. හික් හික් ඔය චතුවා එක පන්තියෙ හිටපු මාව මතක නැතුව ඕක ලියලා තියෙන්නෙ.. :P :P..ඕකා 29 මම 31 මොකක්ද කියලා හිතාගන්න :P :P
    පන්ති වලත් කරේ පිස්සු කෙලපු එක තමයි හැබැයි ඉතින් සර් ඇහුවොත් කියාදීපු දෙවල් වචනයක් අඩු නැතුව කියන්න මතක තිබුනා :P :P
    අනික් අතට ඔයාගෙ වගෙ අත්දැකීමක් මටනම් නෑ...මම පිස්සු කෙලියෙ මට ඕනි කමට මිසක් වෙන දේකට නෙවී...
    අත්හදා බලන්නන්ට අබ සරනයි :D

    ReplyDelete
  6. අනිවා මලයෝ අත්හදා බැලුවට කමක් නෑ හොඳට වැඩ කරන මීටරයක් තියෙනව නම් :d

    ReplyDelete
  7. හික්ස් අනිවා...(අඩේ මට නෑනෙ?? :O :O)....අපිට සර් කෙනෙක් හිටියා රනයා කියලා අපි කිව්වෙ මිනිහා තමයි අපිට ඉගන ගන්නෙ කොහොමද කියලා කියාදුන්නෙ..මම එයා ගැන පෝස්ට් එකක් දාන්නම් මගෙ බ්ලොගෙ..පස්සෙ වෙලාවක :P

    ReplyDelete
  8. හික් හික්...අපේ මදුවා කියන කතාව හරි....අපේ තාත්තටත් මං AL කරන දවස් වල පිලිකාවක් හැදුනා බඩ වැලේ...විබාගේට මාස 5 ක් විතර තියෙද්දි තමා ඒ පිලිකාව හොයා ගත්තේ..(දැන් නම් දෙයියනේ කියල සනීපයි..පිලිකාව තිබුන කෑල්ල කපල අයින් කලා) අක්කා කියන කතාවත් වැරදිම නෑ ඉතින්...ඒත් ඔහොම කරන්න පුලුවන් අය ඉන්නේ බොහෝම ටික දෙනයි නේ.....මං ඒ පෝස්ට් එක දැම්මේ පොදුවේ හැමෝටමනේ....කේ...
    :a :a

    ReplyDelete
  9. මමත් විභාග වලට ඒ තරම්ම පාඩම් කලේ නෑ.. ටිකක් විතර තමයි කලේ... ඒත් හැම එකකටම " C " පාස් එකට උඩින් තිබුනා..

    ReplyDelete
  10. අපෝ මං නම් කටක් හොල්ලන්නේ නෑ....

    ReplyDelete
  11. මමත් ඔය ටිකම තමා කලේ...මට ඇහැරන් ඉන්න බෑ පාඩම් කරන්න....ක්ලාස් වල කරපු ටිකනම් හොදට කළා.... ස්කොලේ වැඩත් කළා...ෆිසික්ස් තමා එපා කරපු විෂය උනේ...කොහොම නමුත් ගොඩ ගියා ෆේල් නොවී... :c :q

    ReplyDelete