Pages

Thursday, May 19, 2011

අකල් වියෝවක සිත් තැවුල ; දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!!

                                                  උපුටා ගැනීම මීදුම් අරණ බ්ලොග් අඩවියෙන්)
                                             

පහුගිය ටිකේ වෙසක් බලලා පිස්සු නට නට ඉඳලා සතුටින් ඉන්නකොට  ඇහුන අසුන්දරම ආරංචිය මාව මහ පාරෙම හිටි තැන නතර කළා

උදේ පාන්දර වැඩට යන්න  ලේස්ති පාරේ එනකොට සුදු හංසි අක්කාගෙන් කෝල් එකක් ආවා මූසල ආරංචියකුත් එක්ක කවදාවත් අක්කා උදේම කතා නොකරන නිසා මම ඒත් බැලුවා ඇයි මේ කියලා කෝකටත් කියලා මම ෆෝන් එක ගත්තා නංගා දිලුම් අයියා නැති වෙලා ඊයේ රෑ 11ට විතර මට ඒ වචන ටිකෙන් ඇහුනේ අන්තිමට කිව්ව ටික විතරයි මම ආයෙම ඇහුවා අක්කා මොකක්ද කිව්වේ ඉයලා දෙවනි පාර කිව්වම තමා මට ඇහුනේ මාව එක පාරටම නතර උනා  අර සෝරෝ අයියා කිව්වා වගේ මටත් මගේ යාළුවන්ගෙන් කිසිම කෙනෙකුට මේ වගේ සිද්ධියක් සිද්ධ වෙලා නැ ඒනිසා මේක ටිකක් දරා ගන්න බැරි උනා

මට දිළුම් අයියව මුලින්ම හමු වුනම සයිබර් සිහින සැනකෙළිය දවසේ එදා මම එයා එක්ක වචනයක්වත් කතා කලේ නැත්තේ මට දුක වැඩි නිසා මම එක දවසක් බ්ස් එකක් දැම්මම " ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා " කියලා මගෙන් අහනව හෑ මම නෑ මම එහෙම කළේ නෑනේ කියලා ඒවා මතක් වෙනකොට තවත් දුකයි මතකද එදා එයා කිව්වා මගේ නම තියෙන මේ සින්දුව මට අහන්න විදිහක් නෑ කවුරු හරි මේකෙ වචන ටික දාන්න කියලා.

ඔයාගේ කන් දෙකේ ප්‍රශ්නේ වෙලාවේ හැමෝම එකතු උනා ඒ අපිට අංග සම්පූර්ණ යාලුවෙක්ව ඕනි නිසා දැන් අපිට කොහොමත්ම යාලුවෙක් නෑ

ඔයා ආයේ අපි අතරෙම ඉපදේවා දිලුම් අයියේ 


ඔබට නිවන් සුව!!!!!!!!!

බුද්ධි අයියා එදා අවුරුදු උත්සවේදි ගත්ත මේ පින්තූරේ වචනෙන් කියන්න බැරි හුඟක් දේවල් තියෙනවා



5 comments:

  1. හ්ම්ම්ම්ම්...........
    මොනවා කියන්නද අක්කියෝ...... මට උදේ අයියා කියද්දිත් හිතා ගන්න බැරි උනා. අපි බලන් හිටියේ දිලුම් අයියා සනීප වෙලා එනකම්නේ. මුණගැහුනේ නැතත් බ්ලොග් වල බස් වල අපි හැමෝම කතාබහ කරලා තියන තරමක් මතක් වෙද්දි.......

    ජීවිතේ හැටි තමා...........

    දිලුම් අයියට නිවන් සුව ලැබේවා...!!!!

    ReplyDelete
  2. :f dilum saho ubata ama maha niwansuwa athwewa :f

    ReplyDelete
  3. ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

    "මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

    සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
    ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

    http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html

    ReplyDelete
  4. උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
    මරණයත් කොටා ඇත නලලේ....

    ReplyDelete
  5. සොයුර ඔබට නිවන් සුව .........!

    ReplyDelete