Pages

Monday, April 1, 2013

අසරණ ජීවිතයකට ශක්තියක් වෙමු

මීට මාස කිහිපයකට කලින් අපේ බ්ලොග් ලෝකයේ හිටිය, අන්තිම පේළියේඅපි හැමෝටම තාත්තා කෙනෙක් වගේ හිටිය ඔබා මාමා අපි අතරින් වෙන් වුනා ඔහු වෙනුවෙන් බ්ලොග් අවකාශයෙන් මෙන්ම අන්තිම පේළියෙනුත් පිංකම් රාශියක් සිදු කළා. ඔහු සමුගෙන වසරක් සපිරෙන්න මාසයක කාලයක් පමණ තියෙද්දි අන්තිම පේළියේ අපි තීරණය කළා ඔබා මාමාට පින් පිණිස ලේ දන්දීමක් සිදු කරන්න.






දිනය       - බක් මාසේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ 28 වන දා 

ස්ථානය    - වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වේලාව     - උදේ 9 ඉඳන් හවස 3 වෙනකල්






Monday, April 16, 2012

මතක සුවඳ



පාසල් නිම වී ගෙදරට එනතුරු
ගෙපිළේ හිඳගෙන
දෙනෙත අයාගෙන
පාරට එබෙමින්
බලා හිඳි මගේ අප්පච්චි....

මගෙ ජීවන ගමනේ
පුන් සඳ මෙන් එළිය දෙමින්
පසු පස සෙවනැල්ලක් මෙන්
නුඹ හිටියා අප්පච්චි

ගෙපිළම අද පාළු වෙලා
ගෙය ඇතුළත් පාළු වෙලා
සුවඳවත් මතකයන් තබා
මුළු ගෙදරම පාළු කරලා

නුඹ යන්න ගිහින් අප්පච්චි..........

Tuesday, December 20, 2011

තැන්ක් යූ පාටි

ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....


එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න 






ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම  කේක් දෙකක්ම ගෙනාවා...


අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී. ඊයෙ රෑ 12.00ට හරියටම මට විශ් කරපු කවිඳූ අයියටත්  , අපේ අක්කිටත් , උදේ පාන්දරම කතා කරපු ලොකු අයියා ,  ආසිරි අයියා , ගයාන් අයියා මට මූනු පොතෙන් ,  Twitter එකෙන් ව්ශ් කරපු හැමෝටම ඉස්තූතියි.










ප/ලි : රණ්ඩු කර ගන්නේ නැතුව කන්න හොඳේ

Monday, December 12, 2011

හැපි බර්ත් ඩේ තාත්තේ







දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

:'(  මේ යුතුකම මටවත් නංගිටවත් කරන්න බැරි උනා තාත්තේ ඒ ඔයා අපිව දාලා යනකොට අපි දෙන්නාම පාසල් යනවා වීම. ඒත් අද ඔයාගෙ 60 වෙනි උපන්දිනේ ඔයා අපිත් එක්ක හිටියා නම් අද දවසේ අපි දෙන්නා මොනාද තාත්තේ ඔයාට නොකරන්නේ .

මතකද තාත්තේ ඔයාගෙ අන්තිම බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරපු හැටි මමයි නංගියි ගානේ කරපු පළවෙනි සහ අන්තිම බර්ත් ඩේ එක ඒක වෙයි කියලා කවදාවත් අපිට හිතුනේ නෑ තාත්තේ. එදා ඔයාගෙ බර්ත් ඩේ එකට දවස් දෙකකට කලින් සීයා තාත්තා බලන්න ගිය වෙලාවෙ එයා අපි දෙන්නාට අළුත් අවුරුද්දට ඇඳුම් ගන්න දුන්න සල්ලි වලින් අපි දෙන්නා ඔයාට ෂර්ට් එකකුයි චූටි පාටි එකකුයි ලෑස්ති කළා. එදා අපි දෙන්නා දීපු බර්ත් ඩේ කාඩ් එක ඊයෙ අහම්බෙන් මට පොතක් ඇතුලේ තිබිලා හම්බ උනා. ඒක අවුරුදු 5ක් ඈතට මගේ මතකය අරන් ගියා තාත්තේ . මම දන්නවා ඔයා කොහේ හරි  ඉඳගෙන මේ පෝස්ට් එක බලන් ඉන්නවා කියලා. මෙතනින් එහාට මට කිසි දෙයක් ලිය වෙන්නේ නෑ මගේ කීබෝඩ් එක බොඳ වෙලා යනවා අන්තිමට මම කියන්නේ මම මානසිකව වැටෙන හැම වෙලාවකදිම මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ හැමෝටම පින් ඒ වගේම ගොඩාක් ස්තූතියි


තාත්තේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!








Monday, December 5, 2011

අහිමි ඔබ




ඔබ මිරිඟුවක් 
ඒත් එය හිත පිළිනොගනී
ඔබේ හිමිකාරිය මම නෙමෙයිලු
ඒත් හිත එය පිළිනොගනි 
අහිමි බව දැන දැනත් 
මා පෙම් කරමි ඔබට හැමදාමත් :(

ප.ලි : මේක කවිද නිසදැස්ද කියලා මම නොදනී

Tuesday, November 8, 2011

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්

තමන්ට ආදරේ කරන කෙනාව තේරුම් නොගෙන පස්සේ පසුතැවිලා වැඩක් නෑ කොල්ලනේ.......



ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........♥
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥

තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥



ගායනය :තීක්ෂන අනුරාධ 

සින්දුව ඩවුන්ලෝඩ් කර ගන්න මෙතනට  යන්න
 

Thursday, November 3, 2011

දේදුන්නේ සත් පාට හංඟලා........






හැමදාම එක එක විකාර කියලා පෝස්ට් එකක් දානවනේ ඒ නිසා අද මම ලස්සන සින්දුවක් අරන් ආවා ගෑනු ළමයෙක් එයාගෙ පෙම්වතාට ආදරේ කරන්නේ කොහොමද කියන එක තමා මේ සින්දුවෙන් කියවෙන්නේ
 

දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි..
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්..

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්.....
ගායනය : නිරෝෂා විරාජිනී
ඩවුන් ලෝඩ් කර ගන්න ඕන නම්මෙතනට යන්න
 ප/ලි : මගේ බ්ලොග් බබාගෙ ඇඳුම වෙනස් කළා හොඳද කියලත් කියන්නකො