Pages

Friday, April 29, 2011

අපේ පවුලේ අලුත් සාමාජිකයා.....

මීට සුළු මොහොතකට පෙර අපේ පවුලට අළුත් සාමාජිකයෙක් එකතු උනා
හි හි ඒ තමා අපේ බාප්පාගේ දූ පොඩිත්ත උම්ම්ම්මාමා පැටියෝ අවුරුදු 21කට පස්සේ අපේ පවුලට එකතු උන සූටි පැටියා අපේ චූටි ඒන්ජල් ඔයා අපි හැමෝගෙම ජීවිත් වෙනස් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා අපි හැමෝම ඔයා එනකල් තමා බලන් හිටියේ.

ගෝඩ් බ්ලෙස් පැටියෝ , බුදුසරණයි


තාම මම මෙයාව බලන්න ගියේ නෑ ගිහින් ඇවිත් මෙයාගේ පින්තූර ටික අප්ලෝඩ් කරන්නම්

Wednesday, April 27, 2011

ඔයාගේ දුව කුණුහරුපයක් කිව්වා.........



මේ සිද්ධිය වෙනකොට මම ඉස්කෝලේ 2ක වසරේ ඒ කාලේ තමා අපේ ගෙදරට දුරකතන පහසුකම අරන් තියෙන්නේ පොඩි එවුන් කියන්නේ ඉතින් දැක්ක දැක්ක දේ අනුගමනය කරන, ඇහෙන ඇහෙන දේ කියන කශ්ටියනේ ඉතින් මම ගෙදරදි ෆෝන් එකෙන් කතා කරන විදිහට ඉස්කෝලේ ගිහිනුත් ළමයි එක්ක කතා කරල ඒ කියන්නේ යාලුවන්ට හලෝ කියලා

මට කියන්න අමතක උනානේ ඉස්කෝලේ යනකාලේ මාර දඟයි ලු ඉතින් ඔය කියපු මිස්ට මාව පේන්න බැරි ලු .

ඉතින් මම  ළමයි එක්ක හලෝ කිය කිය කතා කරනවා මිස් අහන් ඉඳලා වාර අවසානේ දෙමාපිය ගුරු හමුවේදි පන්තියේ සේරම අම්මලා තාත්තලා ඉන්න තැන අපේ මිස් තාත්තාට කිව්වලු  ශානුගේ තාත්තේ ඔයාගේ දුව කුණුහරුපයක් කිව්වානේ කියලා අපේ තාත්තාව දෙලෝ රත් වෙලා ඉතින් අපේ තාත්තා මිස් ගෙන් අහලා මොකක්ද මිස් එයා කියපු කුණුහරුපය සාමාන්යෙන් එයාට එහෙම වචන ඇහෙන විදිහේ වට පිටාවක් නෙමෙයි ගෙදර තියෙන්නේ කියලා. පස්සේ මිස් කිව්වාලු මෙයා ඉස්කෝලේ ඇවිත් ළමයින්ට හලෝ කියලා කතා කරනවා බලන්න කොච්චර කැත වචනයක් ද කියලා ඒක  කිව්ව ගමන් එතන හිටපු අම්මලා තාත්තලා සේරම හිනා උනාලු අපේ තාත්තටත්බඩ පැලෙන්න හිනාලු පස්සේ එක අංකල් කෙනෙක් කිව්වලු මිස් ඒක කුණුහරුපයක්ද අපිනම් ඒක කුණුහරුපයක් කියලා ඇහුවේ අදමයි කියලා

ප.ලි: ඒ මිස් අපේ ගෙදරත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවා ඒක තමා එයා මම ඒ පන්තීයේ ඉන්නකල් ම පිරිමැහුවේ අනේ මන්දා මේ වගේ ගුරුවරු නිසා තමා ළමයින් ගේ ජීවිත කාළකණ්ණි වෙන්නේ මෙච්චර දියුණු කාලයක් වෙලාත් තාම ඉස්කෝල වල ඉන්න ගුරුවරු තාමත් පටු විදිහට හිතන එක තමා දුක

මේඛලා 02.

"අනේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා ඉන්න බෑ අම්මා අම්මා......."

" ඩොක්ටර්... මෙන්න ලෙඩාට සිහිය ඈවිලා , ඔයාට කතා කරන්න හොඳ නෑ සඳරු පොඩ්ඩක් ඉන්න ඩොක්ටර් එනකල්"

" ප්ලීස් මිස් කියන්න මම මේ කොහේද ඉන්නේ කියලා , ඇයි මාව මෙහාට ගෙනාවේ?"

"මේ නුවර හොස්පිට්ල් එක, ඊයේ හවස තමා ඔයාව මෙහාට ඇඩ්මිට් කලේ"

"ඇයි ඒ? කෝ මගේ ගෙදර කට්ටිය? මම ඊයේ ට්‍රිප් එකක් ආවානේ එයාලා එක්ක"

"පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තව ටිකකින් ඩොක්ටර් ඒවි ඊට පස්සේ මේ හැමදේම එයා තේරුම් කරලා දේවි ඔයාට"

"අන්න ඩොක්ටර් එනවා ඔයා ඩොක්ටර් එක්කම කතා කරගන්නකෝ සඳරු"

"ගුඩ් මෝනින් සඳරු"

"ගුඩ් මෝනින් ඩොක්ටර්, ඇත්තටම මට මොකද උනේ ඩොක්ටර්"

"ඊයේ හවස ඔයාගේ අම්මලා තමා ඔයාව මෙහෙ ඇඩ්මිට් කලේ , හිටි ගමන් ඔයාට සිහි නැතිවෙලා ඔයාට මතකද මොකද උනේ කියලා"

"ම්ම්ම් ඔව් අපේ නංගි මේඛලාට බැන්නා ඊට පස්සේ මම කේන්ති ගිහින් එයාට ගැහුවා ඊට පස්සේ ඇති උන කතා බහෙන් පස්සේ වෙන්න ඇති මට සිහි නැති උනේ"

"හ්ම්ම්ම් ඔවීට පස්සේ ඔයාට සිහි නැති වෙලා  එවෙලාවේ තමා ඔයාව මෙහෙට ගෙනාවේ"

" හ්ම්"

"දැන් බය වෙන්න දෙයක් නෑ අද හවසට ඔයාට ගෙදර යන්න පුලුවන්"

" කෝ ඩොක්ටර් මගේ ගෙදර කට්ටිය"

එයාලා තව ටිකකින් ඒවි"
" ඩොක්ටර් පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න මම හිතනවා ඩොක්ටර් මම ඉන්න තත්වේ තේරුම් ගනියි කියලා"

"කියන්න සඳරු මට පුලුවන් දෙයක් නම් මම කරන්නම්"

" මට ගෙදර යන්න බෑ ඩොක්ටර් මට ටික දවසකට මෙහෙ නතර වෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද? ගෙදර ගියාම මට මේඛලාව මතක් වෙනවා"

"ඒකට ඔයාගේ අම්මලා කැමති වෙයිද?"

"මම උත්සහ කරල බලන්නම් එයාලාව කැමති කර ගන්න.ඒත් ඩොක්ටර්ත් පොඩ්ඩක් එයාලාට තේරුම් කරලා දෙන්න බලනවාද?"

"ඕකේ අයි විල් ට්‍රයි ටු ඩූ මයි බෙස්ට්"

"තෑන්ක්ස් ඩොක්ටර්"

" මම දෙයක් ඇහුවාට කමක් නැද්ද සඳරු?"

"කමක් නෑ ඩොක්ටර් අහන්න"

" කවුද මේඛලා කියන්නේ?"

" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"

"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"

"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"

Tuesday, April 26, 2011

මේඛලා

"සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ"

" මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්"

"මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව"

චටාස්......

" තමුසෙගේ කට කඩනවා මම මේඛලාට ආයේ ඔහොම කතා කලොත් එකි මගේ හැමදාටම මගේ දැනගන්නවා හැමෝටම පේන්න මම මේඛලාව මනමාලියෙක් කරලා අපේ ගෙදරට ගේනවා තමුසෙගෙ නෑනා කරනවා , දැන් යනවා මෙතනින් මගෙන් ගුටි නොකා"

"ඉන්නවා මම අම්මාට කියන්න ඔයා මට ගැහුවා කියලා කොහෙවත් යන ගෑණියෙක් නිසා අම්මා............ මේ අයියා මට ගැහුවා"

"ඉතින් යනවා ගිහින් කියනවා ඔකොම එකයි කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ"

මම දෑතින්ම හිස බදාගෙන ඉකි ගෑසුවේය. මට මේ මොකක්ද උනේ අනේ රත්තරං මේ සේරම ඔයාට බනිනවා ඔයා වැරදි නෑනේද මගේ කෙල්ලේ කියන්න

"මොනාද ලොකු පුතේ මේ වෙලා තියෙන්නේ ඇයි මේ අහිංසක කෙල්ලව මරන් කන්න හදන්නේ "


" නෑ අම්මේ මේකි, මේකි  මගේ මේඛලාට බැන්නා මම මේකිව මරනවා මගේ කෙල්ලට ආයෙම එහෙම කතා කලොත්"

ඇත්ත තේරුම් ගන්න පුතේ මේඛලා ඔයාව දාලා ගියා එයා ගියා දැන් ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න මයේ රත්තරනේ"

"මේඛලා මාව දාලා ගියා ඇයි එයා මට එහෙම කලේ මේඛලා...................................."




Friday, April 22, 2011

෴෴ අපේ නංගි කෝක් බීව්ව හැටි ෴෴



මේ සිද්ධිය වෙනකොට මට යාන්තමට අවුරුදු 7ක් විතර ඇති එතකොට අපේ නංගිට අවුරුදු 5යි මේක සිද්ධ උනේ අපේ නැන්දලාගේ ගෙදර ගිය වෙලාවක අපේ තාත්තයි මාමයි ඒ වෙලාවෙ අනුමත වෙමින් හිටියේ සැන්ඩිවලට තිබ්බේ කෝක් ඒක කඩපු වෙලේ ඉඳලා කෝක් එකෙන් සුට්ට් සුට්ට මටයි නංගිටයි මල්ලිටයි වීදුරු වලට දදා දුන්නා බොන්න

ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනා සෙල්ලම් කර කර ඉන්න අතරේ අපේ නංගිට තවත් බීම ඕනි කියලා නැගිටලා ගියා ඊට පස්සේ එයා ඒක බීලා ආවෙ අමුතු විදිහකට අපිට ඉතින් ඒක ගානක් උනේ නෑ අපිට තේරෙන්නේ නෑනේ ඒ ඇයි කියලා

තාම මේ සීන් එක ගෙදර කවුරුත් දැක්කෙත් නෑ හවස ගෙදර එන්න හදනකොට අපේ නංගිව අම්මා වඩා ගත්තම වෙනදාට වඩා ගෙන යන්න කියලා කෑගහන කෙනා එදා නෑ මට බිමින් යන්න පුලුවන් කියලා යන්න ගත්තා එවෙලේ තමා කට්ටියටම මීටර් උනේ සීන් එක එයා ඇවිදන් යන්නේ වැනි වැනි

පස්සේ තාත්තා මාමාට කියනවා මම හිතුවේ අර වීදුරුවෙ තිබ්බ ටික අයියා බොන්න ඇති කියලා බලන් යද්දි මෙයානේ ඒකට වැඩේ දීලා තියෙන්නේ කියලා

අදටත් අපේ කට්ටිය සෙට් උනාම නංගිට නෝන්ඩිය දානවා මේක මතක් කොර කොර ඒ පුරුද්දටද කොහෙද අපේ නංගිට කිසිම ආබාධයක් නැතිව බියර් බොන්න පුලුවන්

Thursday, April 21, 2011

අළුත් බ්ලොගයේ පළමු පෝස්ට් එක

වැල් වටාරම් ඕනි නෑනේ හලේ ඉස්සර මතක මන්දිර එක ලියපු මම තමා මේකත් ලියන්නේ ඒක අල වෙලා ගියා සාටර් පෝස්ට් දාලා අද ඉඳන් මමයි ජේ.ඩීයි මේක හවුලේ ලියනවා. එහෙම කිව්වට ඉතින් මට තමා මේක තනියම ලියන්න වෙන්නේ මොකද ජේඩී එයාගේ බ්ලොග් එක ලියන්නත් කම්මැලියා වෙච්චි කොට කොහේද මේක ලියන්නේ

වැල්වටාරම් ඕනි නෑනේ ඔන්න එහෙනම් මම යනවා පරණ එක වගේ නැතිව හැමදාම දවසට එක පෝස්ට් එක ගානේ ලිවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගමි.

බලාසිටි සැමට ස්තූතියි.