Pages

Monday, April 16, 2012

මතක සුවඳ



පාසල් නිම වී ගෙදරට එනතුරු
ගෙපිළේ හිඳගෙන
දෙනෙත අයාගෙන
පාරට එබෙමින්
බලා හිඳි මගේ අප්පච්චි....

මගෙ ජීවන ගමනේ
පුන් සඳ මෙන් එළිය දෙමින්
පසු පස සෙවනැල්ලක් මෙන්
නුඹ හිටියා අප්පච්චි

ගෙපිළම අද පාළු වෙලා
ගෙය ඇතුළත් පාළු වෙලා
සුවඳවත් මතකයන් තබා
මුළු ගෙදරම පාළු කරලා

නුඹ යන්න ගිහින් අප්පච්චි..........